ගැබිනි මව්වරුන් එන්නත් කිරීම අතරමග නවතී
23 June 2021
ගැබිනි මව්වරුන් එන්නත් කිරීම අතරමග නවතී
23 June 2021
කොවිඩ් එන්නත් නොලැබීම හේතුවෙන් ගැබිනි මව්වරුන් ලක්ෂයක්ම එන්නත් කිරීමේ වැඩපිළිවෙළ අතරමග නතර වී ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

එන්නත් කරන වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් එළැඹෙන අගෝස්තු මස 14 වැනි දින වන විට දෙවැනි මාත්‍රාවද ගැබිනි මව්වරුන්ට ලබා දීමට නියමිතව තිබූ බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ වන විට ගැබිනි මව්වරුන් 200කට පමණ එන්නත්කරණය සිදු කර තිබේ.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අකාරක්ෂ්‍යම භාවය, නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම සහ වැටහීමක් නොමැතිකම හේතුවෙන් ගැබිනි මාතාවන්ට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ අකර්මන්‍ය වූ බවද මාධ්‍ය හමුවේ දී විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පෙන්වා දුන්නේය. මේ පිළිබඳව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රාමාලිද සිල්වාගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ තමන්ට එන්නත් ලැබෙන ආකාරය අනුව ඒ ඒ දිස්ත්‍රික්වල එන්නත් කරණයට ලබා දෙන බවයි. බස්නාහිර පළාතේ ගැබිනි මාතාවන්ට එන්නත් ලබා දීම සඳහා ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබුණු බවද ඇය ප්‍රකාශ කළාය. උදයජීව ඒකනායක, වරුණි පෙරමුණකෙසේ වුවද අගෝස්තු මස 14 වැනිදා වන විට ගැබිනි මවක් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අස්ථාවකදී හැර යම් ගැබිනි මවකට කොවිඩ් ආසාදනය වුවහොත් එහි වගකීම වසංගත රෝග විද්‍යා අංශය හා පවුල් සෞඛ්‍ය කාර්යාංශය භාරගත යුතු බව සභාපතිවරයා අවධාරණය කර සිටියේය.