brand logo
logo

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන මිල වැඩි වෙයි - පුවත්පත් මිලදී ගැනීමටත් දීමනාවක්

21 March 2019

ගාල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට පුවත්පත් මිලදී ගැනීමේ දීමනාවක් සහ ඉන්ධන දීමනාව වැඩිකර ගැනීමේ යෝජනාවක් සම්මත වී ඇති බව වාර්තා වෙයි. මන්ත්‍රීවරුන්ට පුවත්පත් මිලදී ගැනීම සඳහා මීට පෙර දීමනාවක් ලබා නොදුන් අතර ඒ සඳහා දීමනාවක් සහ ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 30 දෙනෙකුගේ අත්සනින් ලිපියක් නගරාධිපතිවරයා වෙත ලබාදී ඇති අතර පෙරේදා (19) දින පැවති මාසික සභා රැස්වීමේදී ඊට අදාළ යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත. මන්ත්‍රීවරුන්ට පුවත්පත් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් 2,000 ක මාසික දීමනාවක් සහ රුපියල් 3,000 ක්ව පැවති ඉන්ධන දීමනාව රුපියල් 4500 කින් ඉහළ දමා තිබේ.
 

More News..