brand logo
logo

කොළඹට අලුතින් ඉදිකෙරෙන දුම්රිය මාර්ග මෙන්න

05 March 2021

කොළඹ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 3ක් ඉදිකිරීමට යෝජනා වී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොළඹ රථවාහන තදබදය අවම කිරීමට රාගම සිට කොළඹ, කොටුව හරහා කිරුළපන දක්වාත්, මොරටුව - පිළියන්දල - නාරාහේන්පිට හරහා කැලණිය දක්වාත්, කොට්ටාව - පන්නිපිටිය - තලවතුගොඩ හරහා හුණුපිටිය දක්වාත් මෙම දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමට යෝජනා වී තිබේ. මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ පිළිබඳව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ප්‍රමුඛතාව දිය යුතු බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
 

More News..