කොවිඩ් හමුවේ ගර්භණී මව්වරුන්ට විශේෂ උපදෙස් මාලාවක්
08 May 2021
කොවිඩ් හමුවේ ගර්භණී මව්වරුන්ට විශේෂ උපදෙස් මාලාවක්
08 May 2021
කොවිඩ් පැතිරෙන මේ කාලයේ ගර්භණී කාන්තාවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
මේ සඳහා ගර්භණී කාන්තාවන් සඳහා උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ඉදිරිපත් කර තිබේ.
ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතය පවතින මේ කාලයේ වඩාත් අවධානයෙන් කටයුතු කළ යුත්තේ ඇයි?
ගැබිණි ඔබගේත් කුස තුළ සිටින දරුවාගේත් නිරෝගිමත්භාවය ඉතාම වැදගත් වේ. ගර්භණී කාන්තාවකට කොවිඩ්-19 වසංගතය වැළඳුණහොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවත්, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිදු හේතුවකට නිවසෙන් පිටතට නොයන ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාවේ අන්තර්ගතය.
කොවිඩ් 19 රෝගයෙන් වැළකී සිටීමට පහත කරුණු තරයේ පිළිපදින්න......
1. වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථාන වල රැඳී සිටීම අවම කරන්න. 2. සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පැළඳීම. 3. පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම. 4. අවමංගල්‍ය උත්සව වැනි වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම. 5. නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම. කොවිඩ්-19 වසංගතයට දක්වන බිය හේතුවෙන් ගර්භණී කාන්තාවන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාරවලට යොමු වීම ප්‍රමාද වන බව දකින්නට ලැබෙන බවත් මේ නිසා ගර්භණී මවගේත් , කුස තුළ සිටින දරුවාගේත් සෞඛ්‍යයට හානි සිදුවිය හැකි බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි. කොවිඩ්-19 වසංගතය අවදානම බහුල මෙම කාලයේදී සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතාවයන් ඇති නම්, තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය හෝ අමතා එම සේවාවන් ගැන ලබාගත යුතු ආකාරය ගැන දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.