brand logo
logo

කොවිඩ් රෝගීන් ගෙන යන්න කුලී වාහන ගන්න යයි

05 May 2021

කොවිඩ් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ගෙන යාමට ප්‍රමාණවත් තරම් වාහන නොමැතිවීම ගැටලුවක් බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සමග පැවත්වූ සාකච්ඡාවකදී මෙම දැනුම්දීම සිදුකර ඇත. එම නිසා අවශ්‍ය වාහන සංඛ්‍යාව කඩිනමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන ලෙස අමාත්‍යවරියන් දෙදෙනා දන්වා තිබේ. ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සඳහා කුලී පදනම මත වාහන ලබාගන්නා අතර සියලු ගෙවීම් ලෝක බැංකුවේ පෙර සූදානම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතියෙන් සිදුකිරීමට නියමිතය. පළමු අදියර යටතේ කොළඹ, ගම්පහ, කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය වාහන ලබාදෙන බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි. උදයජීව ඒකනායක
 

More News..