කොවිඩ් නොවන මරණ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කරන්න
18 June 2021
කොවිඩ් නොවන මරණ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කරන්න
18 June 2021
ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.
කෙසේ වෙතත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීම නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ. පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා පැවසීය. දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
මේ වන විට එන්නත් මිලියන 04කට අධික ප්‍රමාණයක් ගෙන්වා තිබේ. ජුලි මස අවම වශයෙන් තවත් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.ජුලි මස එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිතයි
