News

සුවය ලැබූවන්ගේ සංඛ්‍යා 99000 ඉක්මවයි

කොවිඩ් ආසාදිත 766ක් පූර්ණ සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 766දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42091ක් දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 48380දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බවයි.

ඉන් 6057දෙනෙකු තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 232කි.