කොලෙස්ටරෝල්වලට ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 2ක්
20 May 2021
කොලෙස්ටරෝල්වලට ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 2ක්
20 May 2021
මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්
කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය සංඝටකයක්. නමුත් මේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම නිසා මිනිසාට සමහර රෝගවලදී හානිකරයි. කොලෙස්ටරෝල් මිනිසාගේ හෝමෝනවල සංඝටක ලෙස පවතී. නමුත් මෙය පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ ගිය විට හෘද රෝග අවදානම, අංශභාග තත්ත්වයන් ඇති කිරීම හා රුධිර වාහිනී අවහිර වීමේ තත්ත්වයන් ඇති කරන්න පුළුවන්.
කොලෙස්ටරෝල් මගින් ශරීරයට අවශ්‍ය හෝමෝන නිපදවීමත්, ශරීරයට අත්‍යාවශ්‍ය පිත් යුෂ නිෂ්පාදනයත්, ශරීරයේ සෛලවල පිටත ප්‍රාවරණය නිපදවීමත් වැනි වැදගත් කාර්යයන් ගොඩක් සිදු කරනවා. නමුත් කොලෙස්ටරෝල් මට්ටම තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩිවීම ශරීරයට හානිකර තත්ත්වයන් ඇති කරයි. ප්‍රධානව LDL කොලෙස්ටරෝල් අහිතකර ලෙස බලපායි. නමුත් HDL කොලෙස්ටරෝල් ශරීරයට හිතකර ලෙස සැලකෙයි. සංතෘප්ත මේදය ආහාරයට වැඩිපුර එක්වීම මගින් LDL අගය වැඩිවන අතර HDL කොලෙස්ටරෝල් අගය අඩුවීම සිදුවේ. [caption id="attachment_145979" align="alignnone" width="559"]විශේෂයෙන් අපි ආහාරයට ගන්නා සංතෘප්ත මේද හා ට්‍රාන්ස් මේදය උපයෝගි කරගනිමින් අක්මාවෙන් ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් නිපදවීමක් සිදු කරනවා.


කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීමට
මෙම ආහාරවල සංතෘප්ත මේද ප්‍රමාණය වැඩිපුර ලබාදෙයි. එබැවින් ඒ ආහාර පරිභෝජනය අඩු කිරීම, එසේ නොමැති නම් පාලනය කිරීම කළ යුතුය.- බටර්, චීස්, මාගරින් වර්ග ආහාරය සීමා කිරීම.
- ඌරු මස්, එළු මස්, හරක් මස් ආහාරයට ගැනීම සීමා කිරීම.
- කුකුළු මස් සම සහිතව භාවිත නොකිරීම.


* මාළුවල අඩංගු ඔමෙගා-3 මගින් හා ඔගේගෝ සින්ක් මේද අම්ල මගින් කොලෙස්ටරෝල් නිපදවීම පාලනය කරයි. ඒ සඳහා කුඩා මාළු ආහාරයට එක්කර ගැනීම වැදගත්ය. *නැවුම් එළවළු වර්ග, පලා වර්ග, නිවුඩ්ඩ සහිත දේශීය සහල් වර්ග, කුරක්කන් වර්ග ආහාරයට ගැනීම මගින්ද කොලෙස්ටරෝල් ඇතිවීම පාලනය කළ හැකිය.කෙඳි සහිත ආහාර වැඩිපුර ආහාරයට එක්කර ගන්න. විශේෂයෙන් මෙහිදී කොලෙස්ටරෝල් අන්ත්‍රයේදී ශරීරයට අවශෝෂණය වීම අඩු කරයි. එසේම LDL කොලෙස්ටරෝල් අක්‍රිය කිරීමේ හැකියාවක් ඇත.
විශේෂයෙන් ආහාර පිසීමේදී කුළුබඩු වර්ග භාවිත කිරීම සිදු කරන්න. එමගින් කොලෙස්ටරෝල් ශරීරයට එක්වීම අවම වේ. සුදු ලූනු, කරපිංචා, ගම්මිරිස්, කරදමුංගු, කරාබු නැටි, රම්පේ ආහාරයට අනිවාර්යයෙන් එක් කරන්න.

විශේෂයෙන් දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර යෙදීමේදී ස්‍රෝතස් මාර්ග අවහිර වීම වැළැක්වීම සිදු කරයි. විශේෂයෙන් පංචකර්ම ප්‍රතිකාරද මේ සඳහා යොදා ගනී. ඊට අමතරව අම්ල, පිත්ත, කෂාය ද්‍රව්‍ය යොදාගෙන ප්‍රතිකාර සිදු කරයි.
සරළව ගෙදරදී කළ හැකි ප්‍රතිකාර දෙකක්
1. කළුදුරු, සූදුරු, කරපිංචා, රතු ලූනු, ගම්මිරිස්, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු, සුදු ලූනු එකට අඹරා එයින් තේ හැඳි ප්‍රමාණයක් දිනපතා ආහාරයට එක්කර ගන්න.


