brand logoaward badge

කොල්ලුපිටිය හෝටලයකදී චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

01 July 2019

කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් සැකසීමට යොදාගන්නා යන්ත්‍රයක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ක්‍රෙඩිට් කාඩ්පත් මුද්‍රණය කිරීමට භාවිත කරන හිස් කාඩ්පත් 5 ක් මෙන්ම ලැප්ටෝප් පරිගණකයක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය. ඊයේ (30) දින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පස්වරුවේ අත් අඩංගුවට ගත් සැකකරුවන් හා භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇත.
 

More News..