කොරෝනා මෘත දේහ ආදාහනය පමණයි
07 January 2021
කොරෝනා මෘත දේහ ආදාහනය පමණයි
07 January 2021
කොවිඩ් 19 ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කළ යුතු බවට කමිටු නිර්දේශ ඉදිරිපත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යංශ යෝජනා ඉදිරිපත් කරමි අද(07) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය මේ බව පැවසීය.
ඒ අනුව ඉදිරියටත් කොවිඩ් 19 මරණ භූමදානය සිදුනොකර ආදාහනය පමණක් සිදුකිරීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරිය සඳහන් කරයි.
එම නිර්දේශය කිසිදු ආගමික හෝ වෙනත් හේතුවක් මත ඉවත් නොකර ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.