කොන්දේ අමාරුවට වැරදි ආහාරත් බලපානවා
25 March 2021
කොන්දේ අමාරුවට වැරදි ආහාරත් බලපානවා
25 March 2021
කොන්දේ වේදනාව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු
පේශීවල අධික ඇදීම හෝ පේශීවල දුර්වලතාව නිසා මාංශපේශීවල වේදනාව කොඳු නාරටියේ අස්ථි අතර තිබෙන අස්ථිමඩල නමැති කොටස ප්‍රදාහ තත්ත්වයක් හෝ ආසාදනය වීමක්, • වකුගඩු ආශ්‍රිත ගල් ඇතිවීම,
කොන්දේ වේදනාව ඇතිවීමට හේතු
• කොන්ද ප්‍රදේශයේ නිරන්තරයෙන්ම ඇතිවන වේදනාව • ඇවිදින විට පමණක් දැනෙන වේදනාව • කිසියම් කාර්යයක නිරත වන විට පමණක් දැනෙන වේදනාව • කොන්දේ වේදනාවත් සමගම එක් පාදයක් හෝ පාද දෙකම වෙත දිවෙන වේදනාවක් ඇතිවීම • කොන්දේ වේදනාවත් සමග දෙපා හිරිවැටීම ආයුර්වේද පරික්ෂණයන් කීප ආකාරයකට කරන අතර ආයුර්වේදයට අනුව නිල වෙදකමේ එන ස්ථානික පරික්ෂාව සහ වෙනත් පරික්ෂා ක්‍රම මෙන්ම X-Ray, CT, MRI වැනි දියුණු වෛද්‍ය තාක්ෂණික ක්‍රම භාවිත කරමින් පහසුවෙන් රෝගී තත්ත්වය හඳුනාගත හැකිය. දියුණු තාක්ෂණික ක්‍රම නොමැති කාලයේ එවැනි නිල ප්‍රතිකාර මගින් සියලු පරික්ෂාවන් කර ඇත.රෝග ලක්ෂණ
• එක් එක් රෝගී තත්ත්වයන් අතර පවතින ලක්ෂණ වෙනස් වේ. ඖෂධ ප්‍රතිකාර, ස්ථානීය ප්‍රතිකාර, රක්ත මෝක්ෂණ ප්‍රතිකාර, තෛල ප්‍රතිකාර, ස්ථානික පත්තු යෙදීමේ ප්‍රතිකාර මේ සඳහා භාවිත කරයි. මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඉතා පහසුවෙන් සුව කර ගත හැකි වන නමුත් බොහෝ දෙනකු ප්‍රතිකාර සඳහා යොමු වන්නේ අස්ථි විකෘති වී ඝන වූ අවස්ථාවන්වලදීය. මෙම රෝගී තත්ත්වය සඳහා විශේෂ ප්‍රතිකාර විධි කීපයක් අප විසින් අනුගමනය කිරීම හේතුවෙන් ඉතා අපහසු රෝගීන් පවා ශල්‍යකර්මවලින් තොරව සුව කරගත හැකිය.ප්‍රතිකාර
