brand logo
logo

කොත්මලේ ජලාශය අසල මාර්ගයේ ගිලා බැසීමක්

26 May 2021

කොත්මලේ ජලාශය අසල මාර්ගයක කොටසක් අද(26)දින හදිසියේ ගිලා බැස තිබේ. කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් මෙලෙස ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම ගිලා බැසිම ජලාශ වේල්ලට මිටර් කිහිපයක් නුදුරින් කොත්මලේ හරංගල හරහා නාවලපිටියට පිවිසෙන මාර්ගයේ ස්භාවික ඇලක් හරහා ඉදි කර තිබෙන බොක්කුවක් මෙලෙස ගිලා බැස ඇති බව කොත්මලේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ආර්.එම්.එස්.වත්සල මහතා සඳහන් කරයි. ගිලා බැසිම හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ලට කිසිදු හානියක් හෝ අවදානමක් නොමැති බවත් ගිලා බැස ඇති ස්ථානය පිලිසකර කිරිමට කටයුතු කරන බවත් වත්සල මහතා සඳහන් කළේය මෙම පිළිසරක කිරීම් කරනතෙක් ජලාශ වේල්ල හරහා රථ වාහන ධාවනයට අවසර ලබා නොදෙන බවත් කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
 

More News..