කිතුල් රා මැදීමට බලපත්‍ර අනවශ්‍යයි
24 July 2020
කිතුල් රා මැදීමට බලපත්‍ර අනවශ්‍යයි
24 July 2020
2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත ප්‍රකාරව බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීමට අවසර ලබාදීම සම්බන්ධව පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ.
අදාළ පනත මගින් කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදුකළ හැකි බව සඳහන් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.
එසේ වුව ද ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීම සිදු කරන තැනැත්තන් සම්බන්ධයෙන් දිගින් දිගටම නඩු ලබා ගැනීම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එබැවින් ඉහත සංශෝධන පනත ප්‍රකාරව, රා නිස්සාරණය කිරීමට හෝ බෑම සඳහා කිතුල් ගස් මැදීමට බලපත්‍ර ලබා ගැනීමක් අවශ්‍ය නොවන බැවින් ඉදිරියේදී කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කරන තැනැත්තන්ට එරෙහිව නඩු ලබා ගැනීමක් සිදු නොකරන ලෙසට, වැඩබලන පොලිස්පති විසින් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

