කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩුවීමට හේතු 10ක්
06 May 2021
කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩුවීමට හේතු 10ක්
06 May 2021
දීර්ඝ කාලයක් පුරාවට කිසියම් කාන්තාවක් ලිංගික ක්‍රියා කෙරෙහි ආශාවක් නොමැති වීම සහ ලිංගික ක්‍රියා කෙරෙහි ප්‍රතිචාර නොදැක්වීම් තත්ත්වය නව්‍ය විද්‍යානුකූලව Frigidity (Loss of Libids) තත්ත්වය වශයෙන් සැලකෙනවා. මේ සඳහා ශාරීරික, මානසික හේතු බොහෝමයක් බලපාන්න පුළුවන්.

මෙයට ප්‍රධාන හේතු වශයෙන් දැක්විය හැක්කේ මොනවාද?
1. වයස්ගත වීම 2. ආර්තවභාවය සහ ආර්තවභාවයේ පූර්ව අවධියේ පසුවීම 3.ගර්භණීභාවය සහ කිරි දෙන අවධියමේ කාලවලදී කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතා ඇතිවීමේ ප්‍රවණතාව වැඩි අතර ලිංගික ආශාව ඇති කරන හෝමෝන නිපදවීමද සාපේක්ෂව අඩුය. අනෙක් අතට දරුවන් ලැබීම වැනි කාරණාවලදී කාන්තාවකගේ සමස්ත ජීවිතය හා පරිසරයම එම වගකීම සමග වෙනස් වේ. එවිට ලිංගික ජීවිතය කෙරෙහි ආශක්ත වීම අඩුවීම සිදුවිය හැක.
4. කිසියම් රෝග තත්ත්වයකින් පීඩා විඳින අවස්ථාවන්හිදී 5. ඇතැම් ඖෂධ ප්‍රතිකාර හේතුවෙන්. උදා-කීමොතෙරපි 6. ඇතැම් ශල්‍යකර්ම නිසා. උදා- ගුද මාර්ගය, මූත්‍රා මාර්ගය, යෝනි මාර්ගය ආශ්‍රිත ශල්‍ය ප්‍රතිකාර, දරු ප්‍රසූතිය ආදියෙන් පසු කලක් ගතවන තුරු වේදනාව වැනි අපහසුතා මත කාන්තාවන් ලිංගික කාර්යය ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්ව ඇතිවිය හැක. 7.- ලිංගික ගැටලුවක් නිසා. උදා- ලිංගාශ්‍රිත රෝග, අවයව සම්බන්ධ ගැටලු, වේදනාකාරී සංසර්ගය පිළිබඳ අත්දැකීම් ආදී ගැටලු නිසා. 8.- සමාජ සම්බන්ධතා ආශ්‍රිත ගැටලු 9.සහකරුවා සමග යහපත් සම්බන්ධතාවක් නොමැති වීම. නිතර ගැටුම් මතභේද ඇතිවීම, ලිංගික කරුණු සම්බන්ධයෙන් දෙදෙනා විවෘතව කතාබහ නොකිරීම, එකිනෙකා කෙරෙහි අවබෝධය සහ විශ්වාසය නොමැතිකම, නිදහස් සාමකාමී වටපිටාවක් නොමැති වීම ආදී ගැටලු මෙයට උදාහරණ වශයෙන් දැක්විය හැක. 10. මානසික හේතු - විෂාදය, මානසික ආතතිය, පෞරුෂත්ව ආබාධ, ආත්ම තෘප්තිය නැතිකම, කුඩා කාලයේ අතවර ආදියට ලක්වීම නිසා පීඩාකාරී මානසික තත්ත්ව ආදිය නිසා ඇතිවන කලකිරීම වැනි ගැටලු බලපෑ හැක.
කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩුවීමේ තත්ත්වය හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද?
* ලිංගික බෙලහීනත්වය *- සංසර්ගය වේදනාකාරී වීම *- මූත්‍රා මාර්ගය ආශ්‍රිත ලිංගාශ්‍රිත රෝග තත්ත්ව ලක්ෂණ * යෝනි මාර්ගය ආශ්‍රිත රෝග තත්ත්ව ලක්ෂණ *- ලිංගික තෘප්තියක් නැතිකම * කායික වෙහෙස *- ශරීර ශක්තිය හීනවීම * හෝමෝන අසමතුලිතතා සමග සම්බන්ධ ලක්ෂණ * නුරුස්නා ස්වභාවය වැනි පෞරුෂත්ව ලක්ෂණ සහිත වීම *ආත්ම විශ්වාසය අඩුකම *පූර්ව ආර්තවතාවය වැනි තත්ත්වවලදී ඒ සම්බන්ධ වෙනත් ලක්ෂණමේ පිළිබඳව ආයුර්වේදීය මතය අනුව සරලව විග්‍රහ කළ හැක්කේ කෙසේද?

ආයුර්වේදයට අනුව මෙම ගැටලුවට සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රම මොනවාද?
මෙහිදී වාජීකරණ ඖෂධ ඉතාමත්ම වැදගත් ඖෂධ කාණ්ඩයක් ලෙස සැලකිය හැකියි. විශේෂයෙන්ම ස්ත්‍රී පක්ෂය කෙරෙහි හාතාවාරිය, අශෝක,අමුක්කරා වැනි ඖෂධ ඉතාම හොඳ ප්‍රතිඵල ලබාදෙනවා.

මෙම ගැටලුවට එදිනෙදා ජීවිතයේදී ආහාරපාන හා චර්යා මගින් ලබාගත හැකි හිතකර විසඳුම් මොනවාද?
1. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇත්නම් එයින් මිදීම. 2.නැවුම් එළවළු, පලතුරුවලින් යුත් පෝෂ්‍යදායී ආහාරයන් ගැනීම. 3. හොඳින් ජලය පානය කිරීම. මීට අමතරව නෙල්ලි, රසකිඳ, රණවරා, ඉරමුසු වැනි ඖෂධීය ද්‍රව්‍ය තැම්බූ පාන වර්ග, තැඹිලි, කුරුම්බා ආදී පාන වර්ග සුදුසුයි. කෝපි, කැෆේන් අඩංගු පාන වර්ග, කෘත්‍රිම බීම වර්ග නිතර පානය නුසුදුසුයි. 4.වියළි මිදි, ධාන්‍ය වර්ග, ආමන්ඩ්, රටඉඳි, රටකජු, බිත්තර, කොමඩු, වියළි ඉඟුරු, කරාබු නැටි, එළකිරි යන මේවා වාජීකරණය වඩවන ආහාරපාන වර්ග කිහිපයකට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. 5.සුවබර, ඒකාකාර නින්දක් ලබාගැනීමද වැදගත්. 6. සුදුසු භාවනා ක්‍රම, යෝග අභ්‍යාස ආදී මනස සන්සුන් කර ආතතිය අඩු කරන මානසික සුවතා අංගයන් පුරුදු පුහුණු කිරීම ඉතාම යෝග්‍යය. 7.ශීර්ෂ සම්බාහනය (Head massage), ශිරෝධාරා, ශරීරයේ තෛල අභ්‍යංග වැනි ප්‍රතිකාර ක්‍රම මගින් මේ සම්බන්ධ සමායෝජනයන්ට මනා පිටිවහලක් ලබාගත හැකියි.
