brand logo
logo

කාන්තාවකට ඉස්ලාම් දහම වැලඳ ගන්නැයි බලපෑම් කරලා

04 December 2020

මුස්ලිම් ජාතිකයෙක් හින්දු කාන්තාවකගේ ආගම වෙනස් කරන්නට දැරූ උත්සාහයක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලින් වාර්තා වේ. හින්දු ආගමික කාන්තාව විවාහ කර ගන්නේ ඇය ඉස්ලාම් දහම වැලඳ ගන්නේ නම් පමණක් යැයි පවසමින් ඉස්ලාම් ආගමික පුරුෂයකු කාන්තාවට බලපෑම් කර ඇත. ආගම වෙනස් කර නොගතහොත් එම කාන්තාවගේ ජීවිතයට අයහපත් බලපෑමක් එල්ල කරන බව සඳහන් කරමින් ඔහු ඇයට තර්ජනයද කර ඇත. මෙම අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් එම කාන්තාවගේ පියා උත්තර ප්‍රදේශ්හි බෙරෙයිලේ දිස්ත්‍රික්කයේ පොලිසියක් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලේ සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින් ආගම් වෙනස් කිරීම සඳහා බලපෑම් කිරීමට එරෙහිව ඉන්දියාවේ ක්‍රියාත්මක නව නීති යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. නව නීති යටතේ අත්අඩංගුවට ගත් පළමු තැනැත්තා ඔහු බවද සඳහන් වේ. ආගම් වෙනස් කිරීම සඳහා බලපෑම් එල්ල කිරීම ඉන්දීය නීතිය අනුව බරපතළ වරදකි. ඊට වරදකරු වන පුද්ගලයකුට වසර දහයක සිර දඬුවමක් නියම කිරීමටද නීතිමය ප්‍රතිපාදන ඇත. තමන් එවැනි බලපෑමක් සිදු නොකළ බවත් එම කාන්තාව සමග තමන්ට කිසිදු සම්බන්ධතාවක් නැති බවත් සැකකරු පවසා ඇත. විවාහ කරගැනීම සඳහා ආගම වෙනස් කරගන්නා මෙන් වෙනත් ආගමිකයන්ට, ඉස්ලාමිකයන්ගේ එල්ල වන බලපෑම් වැඩි වී ඇතැයි ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම පැමිණිලි ලැබී තිබේ. එසේ වැඩිම බලපෑම් එල්ල කෙරෙන්නේ ද හින්දුන්ටය. මංජුලා විජයරත්න
 

More News..