කම්කරු දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීමක්
05 June 2021
කම්කරු දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීමක්
05 June 2021
දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි, විමසීම් සිදුකළ හැකි බව කම්කරු දෙපාර්තමේන්තු සඳහන් කරයි.
මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ 'අප අමතන්න' යටතේ සඳහන් කර ඇත.
මිට අදාළ ලිඛිත විමසීම් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා තිබෙන බලප්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට ද මහජනතාවට අවස්ථාව සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර පවත්නා කොරෝනා තත්ත්වය මත කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කම්කරු කාර්යාල මහජනතාව සඳහා විවෘත නොවන නමුත් අවශ්‍ය සේවා සැපයීමට පියවර ගෙන ඇති බව දැනුම් දී ඇත.
කම්කරු දෙපාර්තමේන්තුවට අයත් නිල වෙබ් අඩවිය - http://www.labourdept.gov.lk
එම නිවේදනය පහතින් ,

