කජු අස්වැන්න පහළ වැටෙයි
12 July 2021
කජු අස්වැන්න පහළ වැටෙයි
12 July 2021
මෙවර කජු අස්වැන්න සියයට 40කින් පමණ පහළ වැටීම නිසා කජු වගාකරුවන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
මෙවැනි තත්ත්වයක් තිබියදී කජු අස්වනැන්න සියයට 40කින් පහළ වැටීමට බලපාන ලද හේතුව පිළිබඳ පුළුල් පර් යේෂණයක් සිදුකරන ලෙස උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර කජු සංස්ථාවට දැනුම් දී ඇත.
කජු අස්වනු ලැබෙන්නේ වසරකට එක් වරක් පමණක් වන අතර මෙලෙස කජු අස්වැන්න මෙවර විශාල ලෙස පහත වැටීම සඳහා කාලගුණික තත්ත්වය බලපා තිබෙන බව කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා රත්නායක පැවසුවාය.ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබීම, පසුගිය දිනවල පැවැති සුළි සුළඟත් සමග කජු මල් සුළඟට ගසාගෙන යෑම ආදී කාරණා කජු අස්වැන්න අඩුවීමට බලපා තිබෙන බව අනාවරණය වී ඇතැයි සභාපතිවරිය කීවාය.
