එන්නත් ගත්තොත් කුකුළෙක් නොමිලේ
18 June 2021
එන්නත් ගත්තොත් කුකුළෙක් නොමිලේ
18 June 2021
ඉන්දුනීසියාවේ එන්නත් ලබාගැනීමට පෙළඹවීම සඳහා එන්නත් ලබා ගන්නා අයට කුකුලෙකු ලබාදීමට එරට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියාවේ වැඩිහිටියන් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ව ඊට පෙළඹවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.
බටහිර ජාවා ප්‍රාන්තයේ සින්ජූර් ප්‍රදේශයේ අවුරුදු 45 ට වැඩි පුද්ගලයින් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වැඩසටහන දියත් කිරීමට පෙර පුද්ගලයින් 200 ක් අතුරින් 25 දෙනෙකු පමණක් එන්නත ලබාගැනීමට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණි තිබේ.
නමුත් මේ වනවිට දිනකට පුද්ගලයින් 250 ක් පමණ කුකුළා ලබාගැනීමේ අපේක්ෂාවෙන් එන්නත්කරණය සඳහා පැමිණෙන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
