එන්නත් කැළල ගමන් බලපත්‍රයක් වෙයි
15 July 2021
එන්නත් කැළල ගමන් බලපත්‍රයක් වෙයි
15 July 2021
එන්නත් විරෝධීන් මඩින්න පොලිසියට අලුතින් බඳවා ගනී
සෑහීමකට පත් විය හැකි එන්නත් කැළලක් පෙන්විය නොහැකි කිසිදු පුද්ගලයෙකුට කිසිදු තැනකට ඇතුළුවීම තහනම්
මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වසංගතය වෙනුවෙන් එන්නත් ලබාදීමක් ක්‍රියාත්මක වෙමින් පවතී. එලෙස එන්නත් ලබා නොගත් කිසිවෙකුටත් තම රටට ඇතුළු වීමට ඉඩ නොදීමට එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් තීරණය කර තිබේ. එනමුත් අදාළ පුද්ගලයා එන්නත ලබාගෙන ඇත්ද නැති ද යන්න පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කරන ලේඛනය සැබෑ එකක් ද? යන්න සොයා බැලීම සඳහා වෙනම ම වෙහෙසක් දැරීමට ආගමන විගමන නිලධාරීන් හට සිදු වනු ඇත. මෙයට වසර සියයකට පමණ පෙර ද මෙවැනි ම ගැටලුවක් ඇති වී තිබිණි. [caption id="attachment_157150" align="alignnone" width="563"]

සමහර එන්නත් විරෝධී සංගම් සාමාජිකයින් විසින් එන්නත් කිරීමේ සහතික ව්‍යාජ ලෙස සකස් කරනු ලැබිණි. සහතික නීත්‍යනුකූල දැයි කීමට නොහැකි වූ සෞඛ්‍ය නිලධාරීහූ එන්නත ලබා ගත් බව වඩාත් තහවුරු කර ගැනීම පිණිස එන්නත් කිරීමේ කැළලක් ඇති කරන ලෙස ඉල්ලා සිටියහ. [caption id="attachment_157152" align="alignnone" width="626"]දරුණු ලෙස වසංගතය පැතිර ගොස් තිබූ නගරවල සහ ප්‍රාන්තවල එන්නත් කිරීම අනිවාර්ය වූ අතර රැකියාවට යාමට, රජයේ පාසලකට යාමට, දුම්රිය ධාවනය කිරීමට හෝ රංග ශාලාවට යාමට පවා එන්නත් කරනු ලැබූ බවට නිකුත් කෙරෙන නිල සහතිකය අවශ්‍ය විය.
[caption id="attachment_157151" align="alignnone" width="636"]එන්නත් කරනයට විරුද්ධ පිරිසක්[/caption]
අනිවාර්ය එන්නත් කිරීමේ නියෝගය මඟින් සිය පෞද්ගලික නිදහස විනාශ වන බවට පැවසූ බොහෝ ඇමරිකානුවෝ කෝපයට පත් වූ අතර මෙම නියෝගයට විරුද්ධ ව එන්නත් - විරෝධී ලීග පවා පිහිටුවා ගත්හ.




ඒ අනුව සියලු කර්මාන්තකරුවෝ සිය කම්හල්වල සිටින සියලු සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට එන්නත ලබා දීමට උත්සුක වූහ. මෙම නියෝගය ලක්ෂ ගණනක ජනතාවකට බලපෑවේ ය. [caption id="attachment_157160" align="alignnone" width="607"]1903 දී ලොව සියලු රටවල රජයයන් විසින් නියෝගයක් නිකුත් කළේ " සෑහීමකට පත් විය හැකි එන්නත් කැළලක් පෙන්විය නොහැකි කිසිදු පුද්ගලයෙකුට කිසිදු කඳවුරක සේවයට ඇතුළු වීමට හෝ වැඩ කිරීමට ඉඩ නොදිය යුතු" බව යි.

ඔවුන් එය සිදු කර ගත්තේ දොස්තරවරුන් එන්නත සඳහා භාවිත කරන ප්‍රමාණයට සමාන නිකල් ප්‍රමාණයක් ගෙන, එය නයිට්‍රික් අම්ල භාජනයක ඔබා සම මත තබා ගැනීමෙනි. මෙය ඉතා වේදනාකාරී වූ බව නොකිව මනා ය. එතරම් වේදනා විඳිමින් හෝ එන්නත ලබා නොගැනීමට පෙළඹීම පුදුම සහගත ය. කවුරුන් කුමන ප්‍රතිචාරය දැක්වූවත් වසූරිය වසංගතය නිමාවට පත් වන තුරු ම එන්නත් කැළල ගමන් බලපත්‍රයක් බවට පත් ව තිබිණි. ශ්‍රීනි ලංකා ජයකොඩිකෙසේ වෙතත් එන්නත් - විරෝධී හැඟීම් කිසි විටෙකත් මුළුමනින්ම පහව ගියේ නැත. සමහර පුද්ගලයෝ එන්නත ලබා නොගෙන සිය අත් මත එන්නත් කැළැල් ඇති කර ගැනීමට පවා පෙළඹුණාහ.
[caption id="attachment_157161" align="alignnone" width="581"]වසංගතය නිමාවට පත් වන තුරු ම එන්නත් කැළල ගමන් බලපත්‍රයක් බවට පත් ව තිබිණි.[/caption]