News

එජාපය ඛෙදීමෙන් ජවිපෙට රිදිලා

අද බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත වෙලා තිබෙනවා. එහෙත් ඔහු මේ වෙද්දී සැඟවිලා සිටින නිසා ජනතා විමුක්ති පෙරමුණ අපිට චොදනා කරනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රභලයෙක් ඔහු සඟවාගෙන සිටිනවා කියලා. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ වංචනිකයෝ සඟවාගෙන ජනතා විමුක්ති පෙරමුණ. එක්සත් ජාතික පක්ෂයේ මඩ කුණු සියල්ල සේදුවේ ජනතා විමුක්ති පෙරමුණ.

යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යව සිටි ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසුවේය.
රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගන්න පොලීසියට තවමත් බැරිවීම සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වෙලා අද හෙටම අත්අඩංගුවට ගැනීමක් සිදුකරන්න ඕනෑ. මේ රටේ මහා දීර්ඝ කාලයක් එහෙම වංචා කාරයෙක්⁣ චූදිතයෙක් වරෙන්තු කාරයෙක්⁣ හැංගිලා ඉන්න අවකාශයක් නෑ.
දැන් ජනතා විමුක්ති පෙරමුණට හරියට රිදිලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ බෙදීම. එක්සත් ජාතික පක්ෂය බෙදිලා ප්‍රතික්ෂේප වීම අද රනිල් වික්‍රමසිංහ මහතාටත් සජිත් ප්‍රේමදාස මහතාටත් වඩා රිදිලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට.
අපි ජනතා විමුක්ති පෙරමුණට මතක් කරන්න ඕනෑ අපි එක්සත් ජාතික පක්ෂය එක්ක කවදාවත් දීග කන්න ගියෙ නැ. ජනතා විමුක්ති පෙරමුණ තමයි එක්සත් ජාතික පක්ෂය සමඟ දීග කැවේ. ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්ෂයයි තමයි හවුල් වෙලා ආණ්ඩුව කරේ. ජනතා විමුක්ති පෙරමුණ තමයි ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාලනය කලේ.
ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණට මතක් කරන්න ඕනෑ අපි කවුරුත් එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් චූදිතයෙක් හෝ කිසියම් වංචාවක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් කිසිම කෙනෙක් සඟවාගෙන ඉන්නෑ.
රාජිත සේනාරත්න මහතා හැගිලා හිටිය වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ කිව්වෙත් ඔය කතාවම තමයි. ඒකේ විපාකය තමයි පසුගිය මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය සියයට තුනක් දක්වා පහලට වැටුණේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියත් දෙකම එකයි.
අපි පොස්ටර් කටවුට් බැනර් වලින් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු කරද්දී ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් පොදු ස්ථානවල වගේම හැම තැනම පොස්ටර් බැනර් කටවුට් ගහලා අවලස්සන කරනවා. පරිසරය විනාශ කරනවා. මේ පක්ෂ දෙක එකට එකතු වෙලා මැතිවරණ ව්‍යාපාරය කරනවා කියලා අපට පැහැදිලියි.