එක්ස්ප්‍රස් පර්ල්හි කොටසක් ගැලවී කළුතර වෙරළට
11 June 2021
එක්ස්ප්‍රස් පර්ල්හි කොටසක් ගැලවී කළුතර වෙරළට
11 June 2021
ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙහි යැයි සැකකරන කිලෝ ග්‍රෑම් 250කට වඩා බරින් යුතු යකඩ බෝයාවක් ඊයේ (10 වැනිදා) කළුතර මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා ඇත.
මේ පිළිබඳ ‘අරුණ’ කළ විමසීමක දී කළුතර දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ ධීවර පරීක්ෂක තනුක ගම්මන්පිල පැවසුවේ මෙම බෝයාව නැවෙන් ගැලවී ආ කොටසක් දැයි සැකකරන නමුත් නිශ්චිතව ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන තුරු කිව නොහැකි බවයි.
මේ වන විටත් මෙම බෝයාව නාරා ආයතනයට (ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්ධන හා නියෝජිතායතනය) වැඩිදුර පරීක්ෂණ සඳහා ලබා දී ඇති බවත් වෙරළට පැමිණි ධීවරයන් පිරිසක් මෙය පළමුවරට දැක ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මෙම බෝයාවේ දත්ත ගබඩා කිරීමට හැකි සංවේදී උපකරණ අඩංගු දැයි පරීක්ෂා කළ බවද එවැනි උපකරණ කිසිවක් එහි නොවූ බවද ධීවර පරීක්ෂකවරයා පැවසුවේය. මෙය වෙනත් රටකින් මෙරටට පැමිණි එකක්ද යන්නත් සැක පවතී.
අශිකා ජයවීර