ඉන්ධන පිළිබඳ තොරතුරු ලබාදුන් වෙබ් අඩවිය අත්හිටුවයි
18 June 2022
ඉන්ධන පිළිබඳ තොරතුරු ලබාදුන් වෙබ් අඩවිය අත්හිටුවයි
18 June 2022
රජයේ වෙබ් අඩවියක් නිවේදනයක් නිකුත් කරයි
ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග පැමිණෙන වේලාවන් පිළිබඳව තොරතුරු ලබාදුන් fuel.gov.lk රාජ්‍ය වෙබ් අඩවියේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා ඇත. අදාළ බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් මත වෙබ් අඩවියේ මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බවට තොරතුරු වාර්තා වෙයි. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ICTA ආයතනය එක්වී මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලැබීය. මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ වූ පසු මහජනතාවට දැනුම් දෙනු ලබන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනය පහතින්,