ඉදිරි දිනවලදී වැසි තවත් වැඩි වෙයි - ජල ගැලීම් නායයාම් ගැන පළාත් කීපයකටම රතු එළි
21 December 2019
ඉදිරි දිනවලදී වැසි තවත් වැඩි වෙයි - ජල ගැලීම් නායයාම් ගැන පළාත් කීපයකටම රතු එළි
21 December 2019
මේ දිනවල පවතින වැසි තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඉදිරි දිනවලදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලි මීටර් 100ක පමණ වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තලාව, තඹුත්තේගම, ඉපලෝගම, ගල්නෑව යන ප්‍රදේශවල එම ඔය දෙපස ජීවත්වන ජනතාවට එම තැන්වලින් ඉවත් වන ලෙස දන්වා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, මොනරාගල, මහනුවර, නුවරඑළිය, මාතලේ යන දිස්ත්‍රික්කවලට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත. මහවැලි ගඟ මනම්පිටිය සහ තල්දෙන ප්‍රදේශයෙන් පිටාර ගලා යෑමට හැකි බැවින් අවධානයෙන් පසු වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.
සාලිය කුමාර ගුණසේකර