ඇමරිකානු හමුදා කඳවුරකට පකිස්තානේ ඉඩ ඉල්ලූ අවස්තාවේ විදේශ ඇමැතිදුන්න මුඛ පූට්ටු වෙන උත්තරේ
05 June 2021
ඇමරිකානු හමුදා කඳවුරකට පකිස්තානේ ඉඩ ඉල්ලූ අවස්තාවේ විදේශ ඇමැතිදුන්න මුඛ පූට්ටු වෙන උත්තරේ
05 June 2021
ලෝකය වෙනස් වෙලා, අවශ්‍යතා වෙනස් වෙලා, මිතුරන් වෙනස් වෙලා
ඇමරිකාවට තිබුණු හිත බිඳී චීනෙට බැඳුනේ කෙසේ ?
චීනය ආසියානු කලාපයේ සිදුකරමින් සිටින මැදිහත්වීම් සමගින් විශේෂයෙන් දකුණු ආසියානු රටවල් කිහිපයක්ම(ශ්‍රී ලංකාවද ඇතුළුව) එරට සමග නව ආර්ථික සහයෝගීතාවන් ගොඩනඟා ගනිමින් සිටී. කලාපයේ න්‍යෂ්ටික බලවතකුද වන පාකිස්ථානය ඒ අතුරින් පෙරමුණේම සිටින බව පෙනේ.පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරය කළ අතර එම සංචාරයේදී සිදුකළ සෑම ප්‍රසිද්ධ කතාවකදීම තමා මහජන චීනයේ ආර්ථික උපාය මාර්ග දැඩි සේ අගය කරන බව පුන පුනා ප්‍රකාශ කළේය.කෙසේවෙතත්පාකිස්තාන විදේශ ඇමති ෂා මහමුද් කුරේෂි යනු අගමැති ඉම්රාන් ඛාන්ගේ වත්මන් ටෙහ්රික්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ අංක දෙකේ පුද්ගලයාය.ඔහුට බලවත් ලෙස පාකිස්තාන මිලිටරියේ අනුග්‍රහය පවතින අතර ඛාන්ගෙන් පසුව අගමැතුධුරයේ අනුප්‍රාප්තිකයා ලෙසද බොහෝ දෙනාගේ අවධානයට ලක්වී සිටී. කුරේෂි උපත ලැබුවේ වරප්‍රසාද හා බලයෙ සහිතවය. ඔහුගේ පියා පාකිස්තානයේ විශාලතම පළාතේ ආණ්ඩුකාරවරයා වූ අතර ඔහුගේ පවුල ආගමික සිද්ධස්ථාන සහ ඉඩම් හිමිකාරීත්ව ජාලයක භාරකරු විය. ඔහු ප්‍රාදේශීය සභා නියෝජිතයෙකු, නගරාධිපතිවරයකු, පළාත් ව්‍යවස්ථාදායකයෙකු ලෙස සහ දෙවරක් විදේශ ඇමති ලෙස සේවය කර ඇත. [caption id="attachment_149248" align="alignnone" width="377"]පාකිස්ථානය කලක් එක්සත් ජනපදයේ දැඩි හිතෛෂිවන්තයෙක් වී සිටියේය.එහෙත් දැන් එම හිතවත්කම් කෙමෙන් ගිලිහි ගොස් බටහිරට තිබූ එම ස්ථානයට කෙමෙන් චීනය ළඟා වන බව පෙනේ.
ෂා මහමුද් කුරේෂි[/caption]
මෙවන් වූ කුරේෂි ඊශ්‍රායලය හා පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයකට සහභාගී වීම සඳහා මෑතකදී නිව්යෝර්ක් නුවරට පැමිණියේය.එහිදී සීඑන්එන්(CNN) මාධ්‍ය ජාලය විසින් ඔහුව සම්මුඛ සාකච්ඡාවකට එකඟ කරවා ගත අතර එහි ප්රමුඛ අවධානය යොමුව තිබුණේ පාකිස්තානය විසින් එක්සත් ජනපදයට ලබාදී තිබුණු ස්ථානය චීනයට ලබාදෙමින් පැවතීමයි.පහතින් දැක්වෙන්නේ කුරේෂි CNN සමග සිදුකළ එම පාකිස්තානයේ හැරවුම් ලක්ෂයක් අනාවරණය කරන සම්මුඛ සාකච්ඡාවයි.
CNN - දශක ගණනාවක් තිස්සේ පාකිස්තානය එක්සත් ජනපද-චීන ගැටුමට මැදිහත් නොවී සිටි ලෝකයේ රටවල් කිහිපයෙන් එකක්. ඉස්ලාමාබාද්, බීජිං සහ වොෂිංටන් අතර තුළනය දිගටම පවත්වා ගෙන ගිය නමුත් තවදුරටත් එවැන්නක් නැහැ. දැන් පෙනෙන ආකාරයට, එක්සත් ජනපදය ඉවත්ව ගොස් ඇති අතර පාකිස්තානය, සමහර විට හිතාමතාම, චීන කඳවුරට එක්ව සිටිනවා නේද?
ඇමැතිවරයා - අපි ඇමරිකානුවන්ට කියල තියෙන්නෙ ඔබ ගියාට අප සමග යමෙක් සිටිය යුතුයි කියල. ඔබ පාකිස්තානයේ ආයෝජනය කරන්නේ නැහැ. ඔබ පාකිස්තානය සමඟ සම්බන්ධ වෙන්නෙ නැහැ. මෙම ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ගොඩනැගීමට ඔබ උදව් කරන්නේ කොහොමද?ඔබට එය කළ හැකි එකම ක්‍රමය වන්නේ ඔබ අප සමග සිටීමයි.
ඇත්ත වශයෙන්ම, ඇෆ්ගනිස්ථානය වැදගත් තමයි. එහි සාමය හා ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කරනවා.නමුත් ඇෆ්ගනිස්ථාන ප්‍රිස්මය හරහා අප දෙස බැලීම නවත්වන්න. පසුගිය දශක දෙක තුළ එක්සත් ජනපදය පාකිස්තානය දෙස බැලුවේ ඇෆ්ගනිස්ථාන ප්‍රිස්මය හරහා පමණයි. එක්සත් ජනපදය අප සමඟ කුමන ආකාරයේ ගනුදෙනුවක් කළත් ඊට ඇෆ්ගන් සම්බන්ධයක් තිබෙනවා.ඔබට (ඇමෙරිකාවට)"ඇෆ්ගනිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඇෆ්ගනිස්ථානය" යනුවෙන් නොකඩවා පවසන්න බැහැ. අපටත් ද්විපාර්ශ්වික පැතිකඩක් තිබෙනවා.
අපට ආයෝජන අවශ්‍යයි, අපට තාක්ෂණ හුවමාරුව අවශ්‍යයි, නමුත් එක්සත් ජනපදය අපට ඒවා ලබා දෙන්නෙත් නැහැ.නමුත් චීනය අපට ඒවාත් සමග තවත් සහන ලබා දෙනවා.ඒ කියන්නෙ එක්සත් ජනපදයේ හිස්තැනට චීනය ගමන් කරනවා.නමුත්, අපට කිසිම කඳවුරකට වැටීමට අවශ්‍ය නැහැ.කෙසේ වෙතත්, චීනය අපගේ අවශ්‍යතා සපුරාලනවා.අපිට විශේෂ ආර්ථික කලාප හදලා දීලා තියෙනවා.ඒවායේ කිසිදු සීමාවක් නැහැ. එක්සත් ජනපදය පැමිණ එහි ආයෝජනය නොකරන්නේ ඇයි? අපි එක්සත් ජනපදය නවත්වල නැහැ. CNN - එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික සබඳතා බිඳ වැටීම ඔබ පිළිගෙන තිබෙනවා.නමුත් “වැඩ කළ හැකි” යැයි පෙනෙන ක්ෂේත්රවල සහයෝගීතාව සඳහා ඔබ ඇන්ටනි බ්ලින්කන්ගෙන්(එක්සත් ජනපද විදේශ ලේකම්) ඉල්ලා ඇති බව ද සඳහන් කර තිබෙනවා. එම ක්ෂේත්‍ර මොනවාද? ඇමැතිවරයා - සීතල යුද්ධය අවසන්. ඉන්දියාව සමඟ එක්සත් ජනපද සම්බන්ධතාවය අලුත් වී තිබෙනවා. ක්වාඩ් සංවිධානය නිර්මාණය වෙලා.ඔවුන්ගෙන් අපට ලැබුණු හමුදා ආධාර අපට තවත් ලැබෙන්නේ නැහැ.හමුදා පුහුණු වැඩසටහන් අත්හිටුවලා. විදේශ මිලිටරි වැඩසටහන් සඳහා මුදල් ලබාදීම අවසන් වෙලා.එක්සත් ජනපදය පාකිස්තානයේ ආයෝජනය කරන්නෙ නැද්ද? ඊට විකල්පයක් ලෙස, චීනය අප වෙනුවෙන් ආයෝජනය කිරීමට තීරණය කරනව නම්, අප චීනය නැවැත්විය යුතුයිද?
නමුත් අපට එක්සත් ජනපදය සමඟ කළ හැකි දේවල් තවමත් තිබෙනවා.ආර්ථික හවුල්කාරිත්වය. වෙළඳ. ආයෝජන. දේශගුණය වගේ දේවල්.අපි ලෝකයේ වඩාත්ම දේශගුණික බලපෑම් ඇති ස්ථාන දහයෙන් එකක්.
තව,තොරතුරු තාක්ෂණය තිබෙනවා. බලශක්තියක් තිබෙනවා. කෘෂිකර්මාන්තය තිබෙනවා. ඩයස්පෝරාව තිබෙනවා. එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බොහෝ ක්ෂේත්‍ර තිබෙනවා. CNN - පාකිස්තානය ඇෆ්ගනිස්ථාන සාම ක්‍රියාවලියට පහසුකම් සපයන්නෙක් වශයෙන් කටයුතු කරනවා.මේ අතර එක්සත් ජනපදය ඊට ආධාර ලබාදීමෙන් ඉවත්ව තිබෙනවා. මෙම ක්‍රියාවලියෙන් පාකිස්තානයට අවශ්‍ය දේ ලැබී තිබෙනවාද? ඇමතිවරයා - එක්සත් ජනපදය පිටව ගියත් පාකිස්තානයට ඇෆ්ගනිස්ථාන අනිවාර්යයෙන් අදාලයි.අපගේ භූ මූලෝපායික පිහිටීම අතිශය වැදගත්.අපට මිලියන දෙසීයක ජනතාවක් සිටිනවා.ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය තුළ අප වැදගත් චරිතයක්.අපි න්‍යෂ්ටික බලය සහිතයි. ඔවුන්ට අපව අවශ්‍ය වේවි.එමනිසා පාකිස්තානය සමඟ දිගටම රැඳී සිටීම ඔවුන්ට (එක්සත් ජනපදයට) වඩාත් හොඳයි.ඉන්දියාව සමඟ වුවද සාමය හා ස්ථාවරත්වය පිළිබඳ හැකියාවක් තිබෙනවා.සාමයෙන් පළායන්නේ අපි නෙමෙයි(එසේ කරන්නේ ඉන්දියාවයි).
CNN - ඇෆ්ගනිස්ථාන රජයට සහ ඇෆ්ගන් ආරක්ෂක හමුදාවන්ට සහාය දැක්වීම සඳහා කලාපය තුළ මිලිටරි බලය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව එක්සත් ජනපදයට පවතිනවා. එක්සත් ජනපදයට හමුදා කඳවුරක් වෙනුවෙන් ඉඩ ලබාදීමට පාකිස්තානය කැමතිද?
ඇමතිවරයා - පාකිස්තානයේ ආර්ථික කඳවුරු තිබීම අපට ගැටළුවක් නැහැ. අපගේ ප්රවේශයේ පැහැදිලි වෙනසක් තිබෙනවා. අප භූ-දේශපාලනයේ සිට භූ ආර්ථිකයට මාරුවෙලා තියෙනවා. අපගේ ක්ෂණික ප්‍රමුඛතාවය හා අවශ්‍යතාවය ආර්ථික සුරක්ෂිතතාවය සහ ආර්ථික ස්ථාවරත්වයයි.ඔවුන් පාකිස්තානයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පැමිණෙනවා නම් සාදරයෙන් පිළිගන්නවා.
CNN - එහෙත් එක්සත් ජනපදයට මිලිටරි සහාය ලබා දීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් පාකිස්තානයට තිබෙනවා. 1950 සිට 2000 දක්වා පාකිස්තානය එක්සත් ජනපදයට සහාය ලබා දී තිබෙනවා.ඇයි දැන් බැරි?
ඇමතිවරයා - ලෝකය වෙනස් වෙලා. අවශ්‍යතා වෙනස් වෙලා. මිතුරන් වෙනස් වෙලා. ඔවුන්ට [එක්සත් ජනපදයට] නව මිතුරන් සිටිනවා.
CNN - පාකිස්තානයටත් නව මිතුරන් ද සිටිනවාද?
ඇමතිවරයා - අපට පැරණි මිතුරන් සිටින නමුත් අපි වැඩ කරන්නේ නව ආත්මයක් සමගයි.
CNN - පැරණි මිතුරන් හා නව ආත්මයක් ගැන කතා කරන විට,චීන මහජන විමුක්ති හමුදාවේ නාවික බල ඇණිය පාකිස්තානයේ වරාය නගරයක් වන ග්වාඩාර්හි කඳවුරු බැඳීම කෙරෙහි අවධානය යොමු කළ හැකි බව කියවෙන 2020 පෙන්ටගනයේ වාර්තාවක් තිබෙන බවත් කිව යුතුයි.
ඇමතිවරයා - ග්වාඩාර් කියන්නේ ආර්ථික පදනමක්.එය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපට අවශ්‍යයි.එය කලාපීය වෙළඳ හා ආර්ථික කොරිඩෝව ප්‍රවර්ධනය සහ ශක්තිමත් කරන පදනමක්.
CNN - එහෙත් චීන නාවික නිලධාරීන් ජිවානි වැනි අසල්වැසි වරායන් වෙත පවා ගොස් ඇති බවට වාර්තා වී තිබෙනවා. අනාගතයේදී මිලිටරි අවශ්‍යතා වෙනුවෙන් නෞකා නවතා තැබීමේ සහ ගොඩබෑමේ පහසුකම් චීනයට ලබා දීම ගැන පාකිස්තානය සලකා බලයිද?
ඇමතිවරයා - අනාගතය ගැන අනාවැකි කියන්න පුලුවන්ද? මේ මොහොතේ අපගේ අවධානය ආර්ථික පිළිබඳවයි. අප අනාගතය ගැන සිතා බැලිය යුතුයි. ක්වාඩ් සංවිධානයේ (එක්සත් ජනපදය,ඉන්දියාව,ජපානය සහ ඔස්ට්‍රේලියාව එක්ව පිහිටුවාගත් චීනයට එරෙහි මිලිටරි සංවිධානය) අනාගතය දෙස බැලීමට අපට සිදුවෙනවා.එය රඳා පවතින්නේ ක්වාඩ් ක්‍රියාකරන ආකාරය මතයි.
CNN - ඔබ කියන්නේ ක්වාඩ් පාකිස්තානයට කරදර වන බවද? පාකිස්තානය ක්වාඩ් දකින්නේ කෙසේද?ඒ පිළිබඳව සැලකිලිමත්ද?
ඇමතිවරයා - (සිනාසෙයි)
CNN - ඇමරිකාව සමඟ දැනට පවතින සහයෝගී යාන්ත්‍රණ මොනවාද?
ඇමැතිවරයා - පාකිස්තානයේ සිතන ආකාරය වෙනස් වී ඇති බව අපි ඔවුන්ට(එක්සත් ජනපදයට) පැවසුවා.
CNN - සමහරු ඔබව හඳුන්වන්නේ පාකිස්තානයේ ඊළඟ අගමැති ලෙසයි. ඔබ ඊට එකඟ වෙනවාද? ඇමැතිවරයා - මාගෙන් මීට පෙර ඒ ගැන විමසා සිටි අවස්ථාවල මම [සිනා] ප්‍රතිචාර දක්වන විට බොහෝ කරදරවලට වැටී තිබෙනවා.මම ඉම්රාන් ඛාන් සමග සම්බන්ධ වන විට මට විකල්පයක් තිබුණා.හිටපු ජනාධිපති අසිෆ් සර්දාරි මාව [විපක්ෂ පාකිස්තාන මහජන පක්ෂයට] නැවත කැඳෙව්වා.ඔවුන් මට අමාත්‍යාංශ දෙකක් ලබාදීමට යෝජනා ඉදිරිපත් කළා.නමුත් මම ඉම්රාන් ඛාන් සමඟ එක් වූයේ එය රාමුව බිඳීමට අවස්ථාවක් වූ නිසායි. අපේ පවුල් එකිනෙකා දැන සිටියා.අනූව දශකයේ ඔහු අරමුදල් රැස් කරන අවස්ථාවේ සිට මම ඔහුව හඳුනනවා.ඔහු මට ඔහු සමග සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටි අතර, ඒ මගින් අවංකවම, ඔහු මට විශාල ගෞරවයක් ලබා දුන්නා.එක්සත් ජනපද පරිපාලනය අතීතයේ එල්ලී නොසිට එළියට පැමිණිය යුතුයි.අපගේ ප්‍රමුඛතා වෙනස් වෙලා.දැන් අපගේ ප්‍රමුඛතාවය වන්නේ ආර්ථික වර්ධනය, මානව සංවර්ධනය, ආර්ථික ආරක්ෂාව, ත්‍රස්තවාදය තුරන් කිරීම සහ අන්තවාදය ආපසු හැරවීමයි.
නයන තරංග ගමගේනවකයෙක් ලෙස ඔහු මට පක්ෂයේ උප සභාපති ධුරය ලබා දුන්නා. මම ඔහු සමඟ ඉන්නවා.ඔහුට අගමැති ලෙස පාකිස්තානයට සේවය කිරීමට විශාල හැකියාවක් තිබෙනවා. ඔහු ධුර කාලය සම්පූර්ණ කිරීම දැකීමට මට අවශ්‍යයි.






