brand logo
logo

ආදරය කියන්නේ හිමිවීමම නෙවෙයි

21 November 2021

බන්ටි කියලා කිවුවාම ඇය ගැන නොදන්න කෙනෙක් නැහැ. නමුත් ඇය කැමති සරණි කියන චරිතයට. කොහොම වුණත් බන්ටි කියන්නෙත් සරණි කියන්නෙත් එක්කෙනෙක් නිසා අපි දුෂේනි මියුරංගිව මෙවර කතා බහට එකතු කරගත්තා. සැබෑ ජීවිතයේ ඔයා කවුරු වගේද? මමත් හරිම ලැජ්ජාශීලි කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ ස්ටේජ් එකට නගින්නත් බයයි. අදටත් සැබෑ ජීවිතේ මම පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්නවා. යාළුවෝ ගොඩක් මට නැහැ. දුෂේනි කියන්නෙත් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න කැමති නිස්කලංක කෙනෙක්. May be an image of 1 person, standing, car and outdoors කොහොමද මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර? ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රථම වතාවට තමයි මම ප්‍රේක්ෂකයන්ගෙන් මේ තරම් ආදරණීය ප්‍රතිචාරයක් ලබන්නේ. ඔබ පසුගිය කාලේ ලංකාවේ හිටියෙත් නෑ නේද? නැහැ. අවුරුද්දක් විතර උන්නේ ඉන්දියාවේ. කොරෝනා ප්‍රශ්නය නිසා තමයි මෙහෙට හිරවුණේ. දැන් ආයේ යන්නේ නැද්ද? දවස් දෙකකට විතර තමයි ලංකාවට ආවේ. තාම මගේ ඇඳුම් ඉන්දියාවේ. එක පාරටම රට වහලා එයාපෝර්ට් වැහුවනේ. ඉතින් මාවත් ලංකාවේ හිර වුණා. ඊට පස්සේ සද්ද නොකර මාස හයක් විතර ගෙදරට වෙලා නිදහසේ උන්නා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ලංකාව දාලා යන්න පුළුවන්ද? ඇත්තටම දැන්නම් යන්න දුකයි. මමත් මනුෂ්‍යයෙක්. හිතාගන්න බැරි ආදරයක් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. ඒ නිසා තීරණය කළා ලංකාවෙත් ඉන්දියාවෙත් දෙපැත්තෙම වැඩ කරන්න. May be a closeup of one or more people and people standing දැන් භාර අරගෙන තියෙන වැඩ? ඒවා ඉවර කරලා තමයි ඉන්දියා යන්නේ. කොහොමත් හැමෝම දන්නවා දුෂේනි භාරගත්ත වැඩක් අතහැරලා නතර කරලා අනිත් අය අමාරුවේ දාලා යන කෙනෙක් නෙවේ කියලා. එතකොට ලංකාව දාලා ඉන්දියාවටම යන්න හිතුනේ ඇයි? කාලෙන් කාලෙට එන ප්‍රශ්නත් එක්ක මිනිසුන්ගේ හිත් වෙනස් වෙනවා. මටත් විවිධ හේතු බලපෑවා ලංකාව දාලා යන්න. එකම තැන පල්වෙනවාට වඩා අත්හදා බැලීම් කරන්න මම කැමතියි. ඒකයි ලංකාවෙන් ගියේ. කලකිරීමකින්ද කතා කරන්නේ? කලකිරීම් නොතිබුණා නොවෙයි. කොහොම හරි මට මෙහෙන් යන්න ඕන කියන සිතිවිල්ල. හිතට එන ආකාරයට වැඩ සිද්ධ වුණා. May be an image of one or more people, flower and grass ඉන්දියාවේ මොකද කළේ? ඒක දැන්මම කියන්න බැරි රහසක්. මොකක්ද ඒ රහස? රහස් කියන්නේ නැහැනේ. නමුත් ඉදිරියේ දී කියනවා. වැඩ ගොඩක් කළා. නමුත් ඒවා තාම ඉවර නැහැ. ලංකාවේ කොහෙද ඉපදුනේ? මම ඉපදිලා තියෙන්නේ මාතර. හැබැයි දැන් පදිංචි වෙලා ඉන්නේ කුරුණෑගල. ගමක කෙල්ලෙක්? පැහැදිලිවම. මාර සුන්දර පැත්තක්. අම්මයි මමයි මල්ලියි ගෙවන්නේ සුන්දර ජීවිතයක්. සුන්දර පරිසරයක් තියෙන ගමක ඉපදෙනවා කියන්නේ වාසනාවක්. බොහෝම නිදහස් නිස්කලංක ළමා කාලය අත්වින්දා. May be an image of one or more people, people standing and outdoors එතකොට කලාවට එන්නේ? උසස්පෙළ කරලා ඉවරවෙලා වැඩිදුර අධ්‍යාපනය ලබන්න කොළඹට එනවා. මම තෝරාගත්තේ ගණකාධිකාරී වෘත්තිය. එතකොට නිළියක් වෙන්නේ? ඒක තාත්තගේ කැමැත්තක් සහ හීනයක්. තාත්තාගේ හිතේ තිබුණේ මාව රූපරැජිනක් කරන්න. මිස් ශ්‍රී ලංකා තරගයට ඔහු ඉල්ලුම් කරන්නේ දුව රැජිනක් කරන්න බලාගෙන. ඔබේ කැමැත්තත් ඒකද? ගණකාධිකාරි පැත්ත තෝරගත්තට මට ඕන වුණේ ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න. May be an image of one or more people, people standing, sunglasses and outdoors අවසානයේ ඉෂ්ට වන්නේ මොකක්ද? ඒක තමා දෛවයේ කැමැත්ත. මම දෙයක් හොයාගෙන යන්න උත්සාහ කළාම වෙනත් දෙයක් මාව හොයාගෙන ආවා. ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමාරිට ඉදිරිපත් වෙලා අවසාන දොළොස් දෙනාට ආවට පස්සේ රංගන ක්ෂේත්‍රය මාව හොයාගෙන ආවා. ඊට පස්සේ? 2017 මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණා. එම ජයග්‍රහණයෙන් පසු ලෝක රූ රැජන තරගය සඳහා ලංකාව නියෝජනය කළා. ඒ අත්දැකීම් කොහොමද? එතැනදී තමයි මම බොහෝ දේවල් ඉගෙනගත්තේ. චීනයේ මාස දෙකක් උන්නා. නිරූපණය ගැන කලාව ගැන ඉගෙන ගත්තා. නමුත් ලංකාවේ ඔබ ජනප්‍රිය නිළියක් වුණේ නැහැ නේද? ටෙලිනාට්‍ය කීපයක වැඩ කළා. නමුත් ඒවා ඇතුළේ ලොකු දෙයක් කරන්න තිබුණේ නැහැ. නමුත් මගේ වාසනාවට චරිතයක් හැටියට මම ජනප්‍රිය වුණා. කොහොමත් අඩු නිර්මාණ ප්‍රමාණයකට දායක වුණේ. ඔය කාලේ තමයි ලංකාවෙන් යන්නේ. දැන් අලුත් වැඩ ඇවිත් තියෙනවා නේද? පිටපත් කීපයක් ලැබිලා තියෙනවා. කරනවද නැද්ද කියන එක තාම තීරණය කරලා නැහැ. May be an image of one or more people, people standing, shorts and outdoors සිනමාවට කැමති නැද්ද? ගොඩක් කැමතියි. බලමු හොඳ නිර්මාණයක් ලැබෙයිද කියලා. ගමේ ඉපදුන ඔබ කොහොමද බන්ටි වගේ චරිතයකට හුරුවෙන්නේ? මම කවදාවත් ඔය ජීවිතේ අත්විඳලා නැහැ. දැකලත් නැහැ. මොරටුවේ ඔය ලොකේෂන් එකට ගියාම මට හිතාගන්න බැරි වුණා. හැබැයි අපි නතර වෙලා ඉන්න ගෙදර ඇන්ටි අපේම කෙනෙක් තරමටම මිත්‍රශීලී වුණා. මේ චරිතයට හැඩගැහෙන්න ඒක ලොකු උදව්වක් වුණා. දැන්නම් ප්‍රශ්නයක් නැහැ නේද? සතුටින් වැඩ කරන නිසා අවුලක් නැහැ. අනික මම මුහුදට මාර කැමතියි. ඒ නිසා දැන් මම මේ පරිසරයට කැමතියි. ඔබ ඉක්මනින් ඕන දේකට හුරු වෙනවා නේද? ඉස්සර ඉඳලාම මම එහෙමයි. කොයිම වෙලාවකවත් මම පසුබසින ආකල්පවල ඉන්නේ නැහැ. හැම මොහොතම ධනාත්මකව හිතනවා. හැම දෙයක්ම හොඳට වෙන්නේ කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ කවදාවත් වැටිලා නැහැ? ඕන තරම් වැටිලා තියෙනවා. හැබැයි දුෂේණි කියන්නේ වැටිලා වැළලිලා යන කෙනෙක් නොවේ. වැටුණු තැනින් නැගින්නේ ඊට වඩා අඩියක් ඉස්සරහට යන්න ශක්තිය ගොඩ නගාගෙන. May be an image of one or more people, people standing, shorts and outdoors කොහොමද මෙච්චර ශක්තිමත් වුණේ? අත්දැකීමෙන්ම තමයි ශක්තිය ලැබෙන්නේ. මම වැටුණාම දන්නවා ඒකේ තියෙන අමාරුව. මට වැරදුනේ කොතැනද කියලා ප්‍රායෝගිකව මට දැනුණනෙ. ඉතින් ඒ වරැද්ද මම ආයේ කරන්නේ නැහැ. මම වැටෙන්න කැමතියි. වැටුණු තැන තමා මගේ ජයග්‍රහණයේ ආරම්භය වෙන්නේ. වැටුණු තැනක් කියන්නකෝ? මම 2015 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා ඉදිරිපත් වෙනවා. නමුත් ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ 2017 වර්ෂයේ මම ඒ ජයග්‍රහණය හිමි කරගන්නවා. එදා මම පැරැදිලා අයින් වුණානම් අද මෙතැන නැහැ. මම කැමති දේ ලැබෙනකම් මට නින්ද යන්නේ නැහැ. ඒ වෙලාවට කිසිම කෙනෙක් කියන දෙයක් මට ඇහෙන්නෙත් නැහැ. දැන් ගමේ යන්නේ නැද්ද? ගමට යන එක තරම් සනීපයක් තවත් තියෙනවද... ගෙදර ගිහින් අම්මගේ අතින් රතු බතුයි පොල් සම්බෝලයි හදාගෙන කන එක තරම් සතුටක් තවත් නැහැ. No photo description available. ගෙදර ගියාම ගමේ ප්‍රතිචාර කොහොමද? මම ගෙදර ගියාට කිසිම කෙනෙක් දන්නේ නැහැ. මොකද මම ගෙදරින් එළියට බහින කෙනෙක් නෙවෙනේ. නමුත් කුරුණෑගලින් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒක මට ලොකු ආඩම්බරයක්. ඇයි හුදකලාවට මෙච්චර කැමති? මගේ ලෝකේ ඇතුළ හරිම සුන්දරයි. අනිත් අය නිසා හිතට සතුට වගේම හිතට දුකකුත් ලැබෙන්න පුළුවන්. නමුත් මගේ නිස්කලංක ලෝකේ ලැබෙන අහිංසක සතුට හරිම ලෝභයි. දැන් කලවයසත් හරි නේද? අම්මත් ඕක කියනවා. නමුත් තාම මම එතෙන්නට යන්න සූදානම් නැහැ. විවාහයේදී සීයට සීයක් මම ඒකට කැමති විය යුතුයි. ඒක මම ගතයුතු තීරණයක්. ආදරයේ දී දරුණුයි වගේ? අපෝ නැහැ. මම හරිම ආදරණීය කෙනෙක්. සිතින්වත් කිසිම කෙනෙක්ට වෛර කරලා නැහැ. මගෙන් වෙන්වෙලා ගිය කෙනෙක්ට වුණත් යහපත් ජීවිතයක් ලැබෙන්න කියලයි ප්‍රාර්ථනා කරන්නේ. ආදරයෙන් පැරදුනාද? මම ඉස්සෙල්ලත් කිව්වේ මම කවදාවත් පරාද වෙන කෙනෙක් නොවේ කියලා. මම ශක්තිමත් කෙනෙක්. ආදරේ කරලා නැද්ද? ආදරේ කරලා තියෙනවා. වෙන්වෙලා තියෙනවා. කොහෙවත් කියලා නැහැනේ ආදරේ හිමිවිය යුතුමයි කියලා. අහිමි වීම් තියෙනවා. ඒ අය ඒ අයගේ ලෝකවල සතුටින් ඉන්න ඕන. මම ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. එහෙම කෙනෙක්ව මට දවසකින් අමතක කරන්න පුළුවවන්. May be an image of one or more people and people standing විවේකය ගතවෙන්නේ කොහොමද? චිත්‍රපට බලන්න හරිම කැමතියි. කොහේ චිත්‍රපටද බලන්නේ? සල්මන් ඛාන්ගේ චිත්‍රපටවලට කැමතියි. ඉන්දියාවේ දී චිත්‍රපට බලන්න ගියේ නැද්ද? හොඳට බැලුවා. අපේ සිනමාවයි ඉන්දියානු සිනමාවයි ගැන මොකද හිතෙන්නේ? අහසට පොළොව වගේ. ඒක වෙනම ලෝකයක්. ඒ ජනගහනයත් එක්ක ඒ ප්‍රේක්ෂකයන්ගේ හැඟීම් එක්ක අපිට එතෙන්නට යන්න බැහැ. මොකද ඒ නළු නිළියෝ මිනිස්සුන්ට දෙවිවරු වගේ. ඔබට ඒ අය එක්ක වැඩ කරන්න ලැබුණේ නැද්ද? මටත් අවස්ථාව ලැබුණා. වැඩ කීපයක්ම කළා.තාම ඒ දේවල් අවසාන නැති නිසා මට ඒ ගැන කියන්න බැහැ. ලංකාවේ මේ ක්ෂේත්‍රය තුළ නිළියකට තමන්ගේ තැන ගොඩ නගාගැනීම පහසුද? දක්ෂකම මත තමයි ඒක තීරණය වෙන්නේ. ඇයි එහෙනම් නිළියෝ රඟපාන්න අම්මලා එක්කගෙන එන්නේ? ඒක නිළියකට විතරක් නෙවෙයිනේ සමහර අම්මලා ටියුෂන් පංති යනකොටත් දුව පස්සෙන් යනවා. ඒක ඒ අම්මලාගේ හිතේ තියෙන ආදරය හා ලෙංගතුකම. ලංකා සමාජය ඇතුළේ දුවකට ලබා දෙන ආරක්ෂාව. May be an image of one or more people and people sitting ඔබටත් ඒ ආරක්ෂාව ලැබුණද? මගෙ තාත්තා මුලින්ම මා එක්ක ආවා. මොකද මට එතකොට අවුරුදු 19යි. නමුත් මම ජීවත් වෙන්න ඉගෙන ගත්තා. ඉන්දියාවේ ගිහින් අවුරුදක් මම තනිවම උන්නා. තමන් ආරක්ෂා වෙන්න තමන් දැනගන්න ඕන. එතකොට පිටතින් එන බලපෑම්? බලෙන් කිසිම දෙයක් කරන්න බැහැ. දෙපැත්තෙන් කැමැත්ත තිබිය යුතුයි. ඉගෙනගන්න ළමයි පිටරට යනවා. රස්සාවලට යනවා. අම්මලා පස්සෙන් යන්නේ නැහැනේ. ඒක එක එක්කෙනාගේ ආකල්පවල තියෙන ප්‍රශ්නයක්. මමනම් කියන්නේ බලෙන් කිසිම දෙයක් කරන්න බැහැ කියලා විතරයි. ජීවිතේ සැලසුම් කරනවාද? ඉස්සරනම් සැලසුම් තිබුණා. හැබැයි කොරෝනා ප්‍රශ්නයත් එක්ක තේරුණා සැලසුම් කරන දේවල් කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. දැන් ලැබෙන විදියට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ? බන්ටිගේ චරිතය ලැබුණේ අහම්බෙන්. සැලසුමක තිබුනෙවත් නැති දෙයක්. නමුත් මම සාර්ථක වුණා. ඒ නිසා ලොකුවට නොහිතා අද දවසේ සතුටින් ජීවත් වෙනවා එච්චරයි. බණ්ඩා ගැනත් මොනවා හරි කියන්නකෝ? බණ්ඩා කියන්නේ අති දක්ෂයෙක්. මේ ටෙලිනාට්‍යයේ මගේ පළමුවැනි ෂොට් තිබුණෙත් බණ්ඩා එක්ක. බණ්ඩවත් එහෙමයි. ඔහුත් එක්ක හරි අපුරු විශේෂ බැඳීමක් තියෙනවා. මෑත කාලයේ මුණගැහුණු හොඳ යාළුවෙක් වගේම පට්ට දක්ෂයෙක්. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර  
 

More News..