ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනපතිට දැනුම් දෙයි
10 March 2019
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනපතිට දැනුම් දෙයි
10 March 2019
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ එමඟින් ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම්දුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිවේදනය කරයි..
පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම පිළිබඳ තීරණ මාධ්‍ය වෙත නිකුත් කරමින් මේ පිලිබඳ දැනුම් දුන් අතර පෙබරවාරි 21 වනදා පාර්ලිමේන්තුවේදී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මතුකළ ගැටළුව පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ජනාධීපතිවරයා වෙත යැවූ ලිපියේ සාරාංශයද එහි සටහන් කර ඇත.