අවුරුදු 5000කට කලින් ඊජිප්තුවේ ගංජා ගහපු හැටි
22 April 2021
අවුරුදු 5000කට කලින් ඊජිප්තුවේ ගංජා ගහපු හැටි
22 April 2021
පිරිමිඩ තුළින් හමුවූ පැපිරස් පත්‍රවලින් විශ්මිත අනාවරණ රැසක්
1991 දී ඊජිප්තු හා ප්‍රංශ පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් රමේසියම් නෙකොපොලිස් ප්‍රදේශය තුළ කැණීම් කොට වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියවුණු පැපිරස් පත්‍ර මාලාවක් සොයා ගන්නා ලදී. මෙම පුරාණ ලියකියවිලි ක්‍රි.පූ. 18 වැනි සියවසේ ආරම්භය දක්වා දිව යන අතර එම යුගය පිළිබඳ මිළ කළ නොහැකි ඖෂධ විද්‍යාත්මක දැනුමක්ද ලබා දෙයි.
අදාළ ඖෂධ පැපිරස් පත්‍රවලින්, තුන්වැනි පත්‍රයෙහි ගිනි කන්දක් පුපුරා යාමක් පිළිබඳ විස්තර කරන අතර එහිදී පිළිස්සුම් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කළ යුතු ආකාරය සාකච්ඡා කරයි. ක්‍රි.පූ 1700 දක්වා දිවෙන, ඖෂධීය ගංජා පිළිබඳ පැරණිතම දැනුම් සම්භාරයක්ද එහි අඩංගු වේ.අදාළ කෘති මගින් ව්‍යුහ විද්‍යාව, රෝග සහ නිර්දේශිත ප්‍රතිකාර පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබාදේ. මෙම පැපිරස් පත්‍ර පැරණි අක්ෂර භාවිතයෙන් සිරස් තීරුවල ලියා ඇත.
