brand logo
logo

අ'පුර ගැමියන්ගේ රුධිරයේ ඊයම්

04 August 2020

අනුරාධපුර දිස්ත්‍රික් ගැමි ජනතාවගේ රුධිරයේ ඊයම් අන්තර්ගත යැයි පර්‌යේෂණයකින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් සඳහන් කරයි. මෙම ජනතාවගේ රුධිරය ඩෙසිලීටරයකට මයික්‍රෝග්‍රෑම් 3-9 දක්වා ප්‍රමාණයක් ඊයම් අන්තර්ගතව ඇතැයි පර්‌යේෂණයේ දී හෙළිවිණැයි හෙතෙම කියයි. මේ හේතුවෙන් මෙම ජනතාව ස්නායු ආබාධ, වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම, අධිරුධිර පීඩනය වැඩි වීම වැනි රෝග ගණනාවකට ගොදුරු වන බව හෙළිව ඇතැයි ද වෛද්‍යවරයා පෙන්වා දෙයි. තවද නොතිබිය යුතු ඊයම් රුධිරයේ තිබීම හේතුවෙන් ළමයින්ගේ බුද්ධි මට්ටම අඩු වන බවද තහවුරු වී ඇත. ආහාර හා පානය කරන ජලයේ ඊයම් අන්තර්ගත වීමෙන් රුධිරයට මෙසේ ඊයම් එකතු වී ඇති බවත් පර්‌යේෂණයේ දී තහවුරු වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශ කීපයක් අහඹු ලෙස තෝරා ගනිමින් මෙම පර්‌යේෂණ කළ බවත් ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයකම අහඹු ලෙස පුද්ගලයන් තෝරා ගනිමින් මෙම පර්‌යේෂණය ආරම්භ කරන බවත් හෙතෙම කියයි. ශ්‍රීයානි විජේසිංහ
 

More News..