අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමේ සූදානමක් ගැන වෛද්‍යවරයෙක් හෙළි කරයි
24 June 2021
අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමේ සූදානමක් ගැන වෛද්‍යවරයෙක් හෙළි කරයි
24 June 2021
ලංකාවේ දැනට උසස් අධ්‍යාපනය ස්ථාපිත කර තිබෙන 1978 විශ්ව විද්‍යාල පනතට පයින් ගසා, කොතලාවල පනත හරහා උසස් අධ්‍යාපනය මිලිටරි කරණයකට ලක් කිරීමට වත්මන් රජය උත්සාහා කරමින් සිටින බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත බණ්ඩාර පවසනවා.
හෙතෙම මේ බව සඳහාන් කළේ අද(24) දෙහිවල ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ ‘‘අධ්‍යාපන අයිතිය වනසන මිලිටරිකරණයට පාර කපන කොතලාවල පනත අහෝසි කරනු‘‘ යනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
‘‘ජනරාල් ශ්‍රීමාත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අලුත් පනතක් ගෙන තිබෙනවා. එය අලුත්ම පනතක් නෙවෙයි. 2018 එවකට ආණ්ඩුව ගෙනාපු පනතක්. එවකට පැවති සටන් එක්කලා ඒක පස්සට අරගෙන තිබුණා. නමුත් වර්තමාන ආණ්ඩුව මාර්තු 26 දින මෙම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වන විට කාරක සභා අවස්ථාවට ඇවිල්ලා තිබෙනවා. එය ඉදිරියේදී විවාදයට ගැනීමට නියමිතයි.
ලංකාවේ දැනට උසස් අධ්‍යාපනය ස්ථාපිත කර තිබෙන්නේ 1978 විශ්ව විද්‍යාල පනතට අනුකූලවයි. මේ පනතේ ඉතා පැහැදිලිව කියනවා ඒ පනතේ කුමක් සඳහන් වුවද මේක තමයි වලංගු වෙන්නේ කියලා. මේක 1978 පනත අනුව දැනට ස්ථාපිත කර තිබෙන උසස් අධ්‍යාපන පද්ධතිය අපේ රටේ ඒකට මිලිටරි ක්‍රමයකට පත් කර තිබෙනවා.කොතලාවල කියන්නේ නමක් විතරයි. මෙය ලංකාවේ උසස් අධ්‍යාපනයේ මළගමයි.
මෙය කොතලාවල පීඨයට පමණක් ලගු කරන්න බැහැ. රටේ අධ්‍යාපනය තිබිය යුත්තේ අධ්‍යාපනඥයින් මතයි. එය හමුදාපතිවරුන් අත නොවිය යුතුයි. අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ අධ්‍යාපන බලධාරීන් විසින්. එලෙසම ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන පනත්ද තිබෙනවා. නමුත් මේ වන විට එම පනත්ද පැත්තක දමා ඒවාට පයින් ගසා මෙම නව කොතලාවල පනත ලෙස ගෙනත් තිබෙනවා. මෙහිදී වෛද්‍ය උපාධිය මෙන්ම ඕනෑම උපාධියක් විකිණීමට හැකියාව තිබෙනවා. ශික්ෂණ රෝහල්ද ආරම්භ කළ හැකි බව සඳහන් වෙනවා. නව පාසල් ආරම්භ කිරීමටත් හැකියාව තිබෙනවා. ඉදිරියේදී අධ්‍යාපනයේ අයිතිය වනසන මිලිටරිකරණයට පාර කපන කොතලාවල පනත පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මෙම කොතලාවල පනත අහෝසි කරවීම සඳහා අප ඉදිරියේදී කැප වෙනවා. ‘‘ දර්ශාන් කානිල්-මොරටුවලංකාවේ සමස්ථ අධ්‍යාපනය පෞද්ගලීකරණය සහ මිලිටරිකරණය මේ මොහොතේ සිද්ධ වෙනවා.