brand logo
logo

අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීම

31 October 2020

කොවිඩ්-19 වසංගතය හමුවේ රටට හා රටවැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියි. කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක මේ වන විටත් රතන සූත්‍රය සඡ්ඡායනා කිරීම සිදුවෙයි. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සඡ්ඡායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
 

More News..