brand logo

රටවල් ගණනාවක් කොවිඩ් එන්නත් මිශ්‍රකරයි

30 May 2021

එන්නත් මිශ්‍රකිරීමෙන් පශ්චාත් රෝග ලක්ෂණ වැඩි යැයි එංගලන්තය කියද්දීත් බලවතුන් ගත් තීන්දුව මෙන්න

ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලැබූ පිරිසකට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු ව ඇති මොහොතක එන්නත් මුසු කර ගැලපීම (Mix and Match) පිළිබඳව ලෝකයේ සෙසු රටවල්වල කෙරෙන කතිකාවත රොයිටර් පුවත් සේවය වාර්තා කොට තිබුණේ මෙසේය.

කොවිඩ්-19 එන්නත් 'මුසු කර ගැලපීම' (Mix and Match)සලකා බලන රටවල්:

[caption id="attachment_147974" align="alignnone" width="700"] ප්‍රංශයේ එන්නත්කරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස 2021 මැයි 12 වන දින වෛද්‍ය සේවකයෙකු පැරිසියේ එන්නත්කරණ මධ්‍යස්ථානයක “Comirnaty” ෆයිසර්-බයෝඑන්ටෙක් COVID-19 එන්නත ලබා දෙයි. REUTERS / Gonzalo Fuentes[/caption]

තම එන්නත්කරණ වැඩසටහන් මන්දගාමි කළ එන්නත් සැපයුමේ ප්‍රමාදයන් සහ ආරක්ෂණ අවශ්‍යතා මධ්‍යයේ රටවල් ගණනාවක් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව සඳහා වෙනත් එන්නතකට මාරුවීම සලකා බලමින් සිටියි.

COVID-19 එන්නත් මාරු කිරීමේ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය අධ්‍යයන කිහිපයක් සිදු වෙමින් පවතී.

පහත දැක්වෙන්නේ එවැනි විසඳුමක් සඳහා බලා සිටින හෝ එවැනි විසඳුමක් අනුගමනය කිරීමට තීරණය කළ රටවල් ය:

කැනඩාව:

පළමු මාත්‍රාව ලබා දුන් පසු ඇති වූ ලේ කැටි ගැසීමේ දුලබ සිදුවීම් සහ එන්නත සපයා ගැනීමේ ගැටළු නිසා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් අයට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දෙනු ඇති බව නිළධාරිහු මැයි මස දී ප්‍රකාශ කළහ.

චීනය:

සායනික අත්හදා බැලීම් පිළිබඳ ලියාපදිංචි දත්ත වලට අනුව, CanSino Biologics (6185.HK) සහ Chongqing Zhifei Biological Products (300122.SZ) යන ආයතන දෙක විසින් නිපද වූ එන්නත්, මිශ්‍ර කිරීම පිළිබඳව චීන පර්යේෂකයෝ අප්‍රියෙල් මාසයේ දී පරික්ෂණ පවත්වමින් සිටියහ. එන්නත්වල කාර්‍යක්ෂමතාව ඉහල නැංවීම සඳහා වෙනස් තාක්ෂණයන් යටතේ නිපද වූ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිශ්‍ර කිරීම පිළිබඳව රට නිළ වශයෙන් සලකා බලමින් සිටින බව චීනයේ ඉහළම රෝග පාලක නිළධාරියා පසුගිය අප්‍රියෙල් 12 දා ප්‍රකාශ කළේය.

ෆින්ලන්තය:

එන්නත් සැපයුමේ ප්‍රමාදයන් පිළිබඳව බලධාරීන් අවවාද කර ඇති බැවින් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 65 ට අඩු අයට ඔවුන්ගේ දෙවන මාත්‍රාව සඳහා වෙනත් එන්නතක් ලබා දෙනු ඇති බවට පින්ලන්තයේ සෞඛ්‍ය සහ සුභසාධනය පිළිබඳ ආයතනය අප්‍රියෙල් 14 ප්‍රකාශ කළේය.

ප්‍රංශය:

එන්නත් මාත්‍රා මිශ්‍ර කිරීම පිළිබඳව තවමත් පරීක්ෂණ මගින් අගයීමකට ලක්ව නැතත්, පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් වයස අවුරුදු 55 ට අඩු අය mRNA වර්ගයේ එන්නතක් තම දෙවන මාත්‍රාව ලෙස ලබා ගත යුතු බව ප්‍රංශයේ ඉහළම සෞඛ්‍ය උ⁣පදේශන සභාව විසින් (Haute Autorite de la Sante=HAS) අප්‍රියෙල් මස දී නිර්දේශ කළේය.

නෝර්වේ:

ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අයට mRNA වර්ගයේ එන්නතක් දෙවන මාත්‍රාව ලෙස ලබා දෙන බව අප්‍රියෙල් 23 දා නොර්වේ රජය ප්‍රකාශ කළේය.

දකුණු කොරියාව:

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා සමග ෆයිසර් සහ වෙනත් නිෂ්පාදයින්ගේ එන්නත් මාත්‍රා මුසු කර ගැලපීමේ පරීක්ෂණ පවත්වනු ලබන බව මැයි 20 වන දා දකුණු කොරියාව ප්‍රකාශ කළේය.

ස්පාඤ්ඤය:

පලමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් වයස අවුරුදු 60 ට අඩු අයට දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා හෝ ෆයිසර් එන්නත ලබා ගැනීමට රජය ඉඩ දෙන බව ස්පාඤ්ඤ සෞඛ්‍ය ඇමති කැරොලිනා ඩාරියස් මැයි 19 දා ප්‍රකාශ කළේය.

පලමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ආරක්ෂිත සහ වඩා ප්‍රතිඵලදායක බව එන්නත් මිශ්‍ර කිරීම පිළිබඳ අධ්‍යයනයක් කළ ස්පාඤ්ඤ රාජ්‍ය අනුග්‍රහය සහිත Carlos III සෞඛ්‍ය ආයතනය මැයි 18 දා පෙන් වූ මූලික ප්‍රතිඵල සහිතව ප්‍රකාශ කළේය.

ස්වීඩනය:

පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් වයස අවුරුදු 65 ට අඩු අය සඳහා දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දෙනු ඇති බව ස්වීඩන සෞඛ්‍ය ඒජන්සිය අප්‍රියෙල් 20 දා ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානිය:

ඉතාම දුලබ අවස්ථාවල දී, උදාහරණයක් ලෙස පලමු මාත්‍රාව ලබා ගත් එන්නතේ තොග අවසන්ව ඇති විට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා ගැනීමට ඉඩ දෙන බව ජනවාරි මස දී බ්‍රිතාන්‍යය ප්‍රකාශ කළේය.

ෆයිසර් එන්නතින් පසුව දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා ලබා ගත් අය සහ ඇස්ට්‍රාසෙනිකා එන්නතින් පසුව දෙවන මාත්‍රාව ෆයිසර් ලබා ගත් අය එකම වර්ගයෙන් මාත්‍රා දෙකම ලබා ගත් අයට වඩා තරමක් වැඩියෙන් පශ්චාත් එන්නත් රෝග ලක්ෂණ පෙන් වූ බව මැයි 12 දා නිකුත් කළ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලීය අධ්‍යයනයක් ප්‍රකාශ කළේය. බූස්ටරයක් ලෙස වෙනස් නිෂ්පාදකයින්ගේ අමතර එන්නත් මාත්‍රා යොදා ගැනීම පරීක්ෂා කිරීමට කෙරෙන කොවිඩ්-19 එන්නත් මුසු කර ගැලපීමේ (mix and match) අධ්‍යයනයන් හී තම ආයතනය යෙදෙන බව Novavax ආයතනය මැයි 21 දා ප්‍රකාශ කළේය. එක්සත් රාජධානිය තුළ මෙම අධ්‍යයනයන් ජූනි මස දී ආරම්භ වනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය:

ඉතා ම විශේෂිත අවස්ථා සඳහා පමණක් අවම වශයෙන් දින 28ක පරතරයක් සහිත ව ෆයිසර් සහ මොඩර්නා එන්නත් මාත්‍රා මුසුකරණයට ඉඩ දෙමින් රෝග පාලනය සහ වැලැක්වීම පිළිබඳ එක්සත් ජනපද ආයතනය තම මාර්ගෝපදේශ යාවත්කාලීන කොට ඇති බව පාරිභෝගික පුවත් සහ ව්‍යාපාර නාළිකාව වන CNBC (Consumer News and Business Channel) ජනවාරි මස දී වාර්තා කළේය. https://www.reuters.com/world/middle-east/countries-weigh-mix-match-covid-19-vaccines-2021-05-24/ පරිවර්තනය:වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු සබැඳි පුවත්

කොවිඩ් 19 එන්නත් මිශ්‍ර කර ලබා දිය හැකි ද?

https://bit.ly/3fZeHjO
 

More News..