brand logo

කොවිඩ් 19 එන්නත් මිශ්‍ර කර ලබා දිය හැකි ද?

28 May 2021

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව වෙන එකකින්

ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තය දරුණු වීමත් සමගම මෙරටට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබා ගැනීමේ ගැටළුවක් පැන නැගිලා. ඒ අනුව ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අයට අනාගතයේ කුමක් සිදු වේදැයි යන්න මේ වන විට සමාජයේ කතා බහවන මාතෘකාවක්.   මේ අතර පසුගිය දිනක කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව අපොහොසත් වුවහොත් ඊළඟ පියවර ලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමට හැකි ද යන කරුණ සලකා බැලීමට නියමිත බවයි. "විශේෂඥයන් අදහස් දක්වලා තිබෙනවා පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකෙනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකෙනුත් ලබා ගැනීම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ගැන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු අවසන් වශයෙන් තීන්දුවක් ගනීවි."

ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට දෙවැනි මාත්‍රාව ලෙස සිනොෆාර්ම්, ස්පුට්නික් වී වැනි වෙනත් එන්නත් වර්ගයක් ලබා ගත හැකිද ?

කොවිඩ් එන්නත් ලබා ගැනීමේදී පළමු සහ දෙවෙනි මාත්‍රා සඳහා විවිධ එන්නත් මිශ්‍ර කළ හැකිද යන්න පිළිබඳ සායනික අත්හදා බැලීම් එක්සත් රාජධානියේ ද මේ වන විට සිදු වෙනවා.

පළමු මාත්‍රාව ලෙස ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගත් වයස අවුරුදු පණහට වැඩි වැඩිහිටියන් 830කට වැඩි දෙනෙක් මෙම පරීක්ෂණ සඳහා සහභාගී කරගෙන තියෙනවා. අදාල පරීක්ෂණයේ මූලික වාර්තාවට අනුව, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් පිළිවෙලින් පළමු සහ දෙවෙනි මාත්‍රා ලෙස ලබාදීමෙන් පසු වැඩිහිටියන්ට සුළු හා මධ්‍යස්ථ අතුරු ආබාධ ඇති වීමට වැඩි ඉඩක් ඇති බව හෙළි වී ඇත. අතුරු ආබාධ අතර සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැඩි වශයෙන් වාර්තා විය.

කෙසේනමුත්, මෙයින් ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීන වන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී නොමැත.

මේ අතර, කැනඩාවේ ඔන්ටාරියෝ සහ ක්විබෙක් පළාත් දෙකෙහිම නුදුරු අනාගතයේ දී එන්නත් මිශ්‍ර කර ලබා දීමට අදහස් කරන බව මෙම පර්යේෂණ කණ්ඩයමේ ප්‍රධානී මහාචාර්ය මැතිව් ස්නේප් පවසා තිබේ.

මහාචාර්ය මැතිව් පවසන පරිදි පරීක්ෂණයේ සම්පූර්ණ ප්‍රතිඵල මේ වසරේ ජුනි හෝ ජූලි මාසය වන විට වාර්තා කිරීමට හැකි වනු ඇත. මේ අතර එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දීම ආරක්ෂිත බව ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් පොදුවේ එකඟතාව පල කරයි. එන්නත්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා චීනය ද මිශ්‍ර මාත්‍රා ලබා දීම සලකා බැලිය යුතු බව චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝර්ජ් ගාවෝ මෑතකදී පැවසීය.

එන්නත් ලබා ගැනීම සඳහා උපදෙස් දෙන එක්සත් රාජධානියේ එන්නත් හා ප්‍රතිශක්තිකරණ ඒකාබද්ධ කමිටුවේ සාමාජික මහාචාර්ය ජෙරමි බ්‍රවුන් පැවසුවේ ඉදිරි වසරවලදී මිනිසුන්ට, අවසානයේදී, කෝවිඩ් -19 එන්නත් මිශ්‍ර කිරීමට සිදුවනු ඇති බවය.

"එය ප්‍රායෝගිකව එසේ විය යුතුයි. මොකද ඔබ මොඩනා හෝ ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලින් මාත්‍රා දෙකක් සම්පූර්ණ කළ පසු, අනාගතයේදී ඔබට නැවත එකම වර්ගයේ එන්නතක් ලබා දෙන බවට සහතික වීම අපහසු වෙන්න පුළුවන්," ඔහු බීබීසී සේවයට පැවසීය. [caption id="attachment_147691" align="alignnone" width="401"] මහාචාර්ය මැතිව් ස්නේප් [/caption] කෙසේනමුත්, මෙම පරීක්ෂණවල අවසන් වාර්තා ලැබීමට තවත් වසරකට ආසන්න කාලයක් ගතවනු ඇත. මූලාශ්‍ර - බීබීසී
 

More News..