brand logo

හතරකට ඇමැතිකම් දෙන්නෙම නෑ

05 November 2022

නව මුදල් ඇමැති සබ්රි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ආණ්ඩුවේ අයවැය ලේඛනය ලබන දහහතරවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි. කැබිනට් මණ්ඩලය පිළිබඳව ජනාධිපතිවරයා. අගමැතිවරයා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු සිවු දෙනකුට ඇමැතිධුර නොදීමටද එහි දී එකඟතාවට පැමිණ ඇත. දැනට ඇමැතිධුර දරන ඇතැම් මන්ත්‍රිවරුන්ගේ විෂය පථයන්ද වෙනස් වන අතර මුදල් ඇමැතිධුරයද වෙනස් වීමට නියමිතය. විසි එක්වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති එක් වගන්තියක් වන්නේ ආරක්ෂක ඇමැති ධුරය හැර වෙනත් ඇමැති ධුරයන් දැරීමට ජනපතිට නොහැකි බවය. ඒ අනුව දැන් ජනපතිවරයාට මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමැති ධුරය දැරීමට නොහැකිය. එම නිසා දැනට විදේශ කටයුතු ඇමැති ධුරය හොබවන අලි සබ්රි මන්ත්‍රිවරයා මුදල් ඇමැති ධුරයට යළි පත් කිරීමට යෝජනා වී තිබේ. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම මුදල් ඇමැතිවරයාට පැවරෙයි. නව කැබිනට් මණ්ඩලයට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු කිහිපදෙනකුද එක්වීමට නියමිතය. ඒ පිළිබඳව කතා කිරීම සඳහා ඇමැති හරීන් ප්‍රනාන්දු ජනාධිපතිවරයා හමු විය. ‘ ‘සජිත්ගෙන් කැඩිලා එන මන්ත්‍රිවරු ඉක්මනට ගන්න.’’ ඇමැතිවරයාගේ ඉල්ලීම වූයේය. ‘‘ඒ වැඩේ යනවා.’’ ජනාධිපතිවරයාගේ පිළිතුර කෙටි විය.
 

More News..