අතන මෙතන

T56 ගිනි අවියක් සමග වනජීවී නිලධාරියෙක් අත්අඩංගුවට

හම්බන්තොට බුන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ද නිල නිවාසයක සිටි වනජීවී නිලධාරියෙකු සන්තකව තිබී T56 වර්ගේ ගිනි අවියක් හා රිපිර්ට්ර් වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිසිය සමත්වී තිබේ .

අදාළ වනජීවී නිලධාරියා විසින් නිල නිවස ආසන්නයේ ගංජා ගස් වවන බවට වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ(15) වන ජීවී දෙපාර්ත මෙන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හා හම්බන්තොට පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ .

එහිදී බුන්දල වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ද නිලනිවසේ අදාළ සැකකරු සිටි කාමරය පරික්ෂා කිරීමේදී T 56 වර්ගේ ගිනි අවියක් හා රිපිර්ට්ර් වර්ගයේ ගිනි අවියක් මෙන්ම බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 04ක් ,පුරවන ලද උන්ද 03ක් ,හිස්කොපු 16ක් මෙන්ම T 56 වර්ගයේ පතොරම් 06ක් ,මැගසින් එකක් ,9MM වර්ගේ ජීව උණ්ඩ 03ක් ,හිස්කොපු 01 ක් සහ රම්බෝ වර්ගයේ පිහියක් මෙන්ම මුනිස්සම් කැට ග්‍රෑම් 400ක් ද සොයා ගැනීමට හැකිවී තිබේ .

මෙම සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගෙන් කල ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් මෙම ගිනි අවි මිලදී ගත බවයි.

කෙසේ නමුත් අදාළ සැකකරු 16 වනදා හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු හම්බන්තොට මුලස්ථාන පිලිසියේ ස්ථානාධිපති ප්‍ර පො .ප ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උ .පො .ප වන්නිගම ,පො .කෝ .92729 සේනානායක යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

 

අජිත් පුෂ්පකුමාර