brand logo
logo
පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

06 May 2026

පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ගෙවීම් අංශයේ මුදල් භාරව කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහු පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් තිස්පන් ලක්ෂ හතලිස්දහස් හාරසිය පහලොවක මුදලක් වංචා කර ඇති බව පොලීසිය පැවසීය.


පොදු දේපොළ පනත යටතේ සැකකරුට චෝදනා එල්ල කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.


පොලිස්පතිවරයාගේ උපෙදස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධික්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා විසින් විමර්ශන සිදුකරයි.

 

More News..