දිස්ත්‍රික්ක දෙකකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන
20 February 2026
දිස්ත්‍රික්ක දෙකකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන
20 February 2026
පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (20) පියවර ගෙන තිබේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහීන්න හා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවධානයෙන් සිටින ලෙස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හඟුරන්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල හා කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ඇත.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මෙම නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් හා විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.

