කොළඹ සිට බදුල්ල දක්වා නව සුඛෝපභෝගී දුම්රියක්
01 August 2025
කොළඹ සිට බදුල්ල දක්වා නව සුඛෝපභෝගී දුම්රියක්
01 August 2025
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ලබන 16 වැනිදා සිට එය සේවයට යෙදවීමට නියමිතය.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරයකයින්ගේ ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය ධාවනයට එක්කරන බවයි.
ආසන 350කින් සමන්විත එම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30ට කොළඹ කොටෙුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව ඇත.
ඉරිදා රාත්‍රි 9.00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

