brand logo
logo
ගාසා තීරයේ ආධාර බෙදන තැනක වෙඩි තැබීමකින් 24ක් මරුට

ගාසා තීරයේ ආධාර බෙදන තැනක වෙඩි තැබීමකින් 24ක් මරුට

13 July 2025



දකුණු ගාසා තීරයේ නසාර් රෝහල ආසන්නයේදි ඊශ්‍රායලය සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබේ.

 

ආධාර බෙදා හැරීමේ ස්ථානයක් අසල ආහාර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව මෙලෙස වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර ඇත්තේ රැස්ව සිටි පිරිස විසිරුවා හැරීම සඳහා අනතුරු ඇඟවීමක් ලෙස වෙඩි තැබීම සිදු කළ බවයි.

 

More News..