brand logo
logo
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගතකිරීමේ ඉහළට

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගතකිරීමේ ඉහළට

04 March 2026

ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය විසින් සතිපතා නිකුත් කෙරෙන ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ඊයේ (3 වැනිදා) සිදු වූ යාවත්කාලීන වීමෙහි කාන්තා විස්සයි විස්ස සහ එක්දින පන්දු යවන්නියන් සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා කවීෂා දිල්හාරි සමත් ව තිබේ. ඇයට අමතරව ඉනෝකා රණවීර ද මෙහි ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයකි.


මේ වනවිට පැවැත්වෙන කොදෙව් සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔවුන් මෙම ශ්‍රේණිගත කිරීම් හිමිකරගෙන ඇත. කවීෂා එක්දින පන්දු යවන්නියන් අතර ස්ථාන 7ක් ඉදිරියට එමින් එහි 53 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර විස්සයි විස්ස පන්දුයවන්නියන් අතරින් ඇය ස්ථාන 5ක් ඉදිරියට එමින් 24 වැනි ස්ථානයත්, තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතරින් ස්ථාන 3ක් ඉදිරියට එමින් 13වැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත්ව ඇත. එසේම එක්දින පිතිකාරිනියන් අතර ස්ථාන 7ක් ඉදිරියට එමින් 19 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හර්ෂිතා සමරවික්‍රමට හැකිව තිබේ.


ඇයට අමතරව ඉනෝකා රණවීර එක්දින පන්දුයවන්නියන් අතර 23 වැනි ස්ථානයටත්, සුගන්ධිකා කුමාරි විස්සයි විස්ස පන්දු යවන්නියන් අතර 25 වැනි ස්ථානයත් හිමිකරගෙන සිටිති. මින් පෙර ඉහළ ශ්‍රේණිගත කිරීම් හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සියලු අංශයන්ගෙන් පසු බැස සිටීම කැපී පෙනෙණ කරුණකි.

 

More News..