අකුරේගොඩ ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි
20 February 2026
අකුරේගොඩ ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි
20 February 2026
අකුරේගොඩදී නීතිඥයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මුහුණේ තිබිය හැකි විවිධ ස්වරූප ඇතුළත් ඡායාරූපයක් අද (20) පොලිසිය මාධ්‍යවෙත නිකුත් කර තිබේ.
අදාළ පුද්ගලයා උස අඩි 5යි අගල් 5ක් පමණ වන වයස අවුරුදු 44ක් පමණ වන අයෙක් වන අතර ඔහුගේ දකුණු පස කම්මුලට පහළින් මුහුණේ කැපුම් තුවාල කැළලක් ඇති බව පොලිසිය පවසයි.
ඔහු ගැන තොරතුරු වෙතොත් තිරයේ පහත සඳහන් අංක වෙත දැනුම්දෙන මෙන් පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටී.
නියෝජ්‍ය පොලිස්පති / බස්නාහිර පළාත උතුර - 071 859 8008
කොට්ඨාස භාර නිලධාරී / නුගේගොඩ - 071 859 1641
අධ්‍යක්ෂ - බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය - 071 859 2279

