වසරකට පිළිකා රෝගින් 35,000ක්- ඉන් 1000ක්ම දරුවන්
04 September 2025 | වරුණි පෙරමුණ
වසරකට පිළිකා රෝගින් 35,000ක්- ඉන් 1000ක්ම දරුවන්
04 September 2025 | වරුණි පෙරමුණ
වසරකට ළමා පිළිකා රෝගින් 200 දෙනෙක් පමණ මිය යන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ ( 03 වැනිදා ) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කී විශේෂඥ වෛද්‍යවරයා මුල් අවස්ථාවේ දරුවන්ට ඇති අසාමාන්‍ය රෝග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කළහොත් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාව පවතින බව ද කීවේය.
දරුවන් අතර ලියුකේමියාව, වසාග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා, ඇස් ආශ්‍රිත පිළිකා බහුල වශයෙන් දැකිය හැකි බව ද වර්ෂයකට හඳුනාගන්නා තිස්පන්දහසක් පමණ වන පිළිකා රෝගීන් අතරින් දහසකට ආසන්න ප්‍රමාණයක් දරුවන් බවද විශේෂඥ වෛද්‍යවරය ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් මහරගම ජාතික පිළිකා ආයතනයේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මාල් ගුණතිලක ප්‍රකාශ කළේ දරුවන්ගෙන් සියයට අනූපහක පමණ පිරිසකට පිළිකා රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුව කිරීමට හැකියාව පවතින බවය.
මෙම දරුවන් වෙනුවෙන් පරිත්‍යාග ලබාදෙන ලෙස ඒ සඳහා හැකියාව ඇති තැනැත්තන්ගෙන් ජාතික පිළිකා මර්දන වැඩසටහන ඉල්ලීමක් කරයි. ඒ සඳහා අවශ්‍ය විස්තර 0112850252, 0112897318 යන දුරකථන අංකවලින් ලබා ගත හැකි බවත් එම වැඩසටහන පවසයි.

