වින්ග් කාමන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ අවසන් කටයුතු හෙට
03 December 2025 | දර්ශාන් කානිල් මොරටුව
වින්ග් කාමන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ අවසන් කටයුතු හෙට
03 December 2025 | දර්ශාන් කානිල් මොරටුව
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුව සිටි වින්ග් කාමන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ දේහය අද (3 වැනිදා) රත්මලානේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබුණි.
නො.110, ගුවන්තොටුපොළ පාර රත්මලාන ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි අතර වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය විරුවාගේ පශ්චාත් උපාධි සහතිකය සහ රතු ලෝගුව ඔහුගේ බිරිඳට භාර දීම කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සෙසු නිලධාරීන් අතින් සිදුකරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මෙසේද පැවසීය.
"වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිය සාර්ථකව හැදෑරුවා. එහි උපාධි ප්‍රධානත්සවය අද දින පවත්වන්න තිබුණත් රටේ තත්ත්වය නිසා එය පැවැත්වුනේ නැහැ. ඒ මහතා අද මියගොස් සිටියේ නැත්නම් කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකරගන්නවා. ලංකා ඉතිහාසයේ පළමු වරට මෙවැනි දෙයක් සිදුවුනේ."
වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහය රත්මලාන ගුවන් තොටුපළ ඉදිරිපිට නිවසේ තැන්පත් කර ඇති අතර, දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලඥයන් , ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගි වූහ.
වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය විරුවාගේ අවසන් කටයුතු හෙට (4 වැනිදා) පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

