දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ සහායත් රනිල්ට
01 August 2024
දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ සහායත් රනිල්ට
01 August 2024
ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම හා කටයුතු කරන ආකාරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව, ම.එ.පෙ. නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (01) දින මහජන එක්සත් පෙරමුණේ මහරගම පක්ෂ මූලස්ථානයේදී රැස්විය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කළ යුතු යැයි මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළේය.
ප්‍රධාන ලේකම් නීතිඥා තිස්ස යාපා ජයවර්ධන, උපසභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උපලේකම් විජය රත්නායක, උපසභාපති හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන ඇතුළු මධ්‍යම කාරක සභිකයන් මෙම අවස්ථාවට එක්විය.