ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
19 July 2025 | හැටන් රංජිත් රාජපක්ෂ
ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
19 July 2025 | හැටන් රංජිත් රාජපක්ෂ
යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටසට අයත් (44) හැවිරිදි රාසමනික්කම් සෙල්වකුමාර් නම් තිදරු පියෙකි.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා පවතින අධික සුලං සහ වර්ෂාවත් සමග තේ වත්තේ දර ඇහිලීමට ගිය බවත්, එම අවස්ථාවේ පැවති සුළං තත්වයත් සමග ඔහුගේ හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි.
මිය ගිය අයගේ සිරුර මස්කෙළිය ප්‍රා දේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙළිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.