පසුගිය වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක්
11 January 2026
පසුගිය වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක්
11 January 2026
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේ දී ඉක්මවා යාමට සමත්වු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ගැනීමට පසුගිය වසරේදී හැකියාව ලැබී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.
පසුගිය වසර තුළදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අදාළ විවිධ වෘත්තීන් සඳහා නව බදවා ගැනීම් සහ ස්ථීර කිරීම් රාශියක් සිදුකළ බව ද තැපැල්පතිවරයා පැවසුවේය.
2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ.
එම ස්ථීර කිරීම 2020 වර්ෂයෙන් පසුව සිදුවු පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීම බව ද තැපැල්පති රුවන් සත්කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

