brand logo
logo
මොන්ටිසෝරි දරුවාට ටොක්කක් ඇන්නැයි ටීචර්ට විමර්ශන

මොන්ටිසෝරි දරුවාට ටොක්කක් ඇන්නැයි ටීචර්ට විමර්ශන

04 March 2026 | ඉෂාර රත්නකාර

නුගේගොඩ පිහිටි ජාත්‍යන්තර පෙර පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ හිසට එහි ගුරුවරියක විසින් ටොක්කක් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (03 වැනිදා) දන්වා සිටියේය.


අදාළ දරුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් මත එලෙස විමර්ශන ආරම්භ කළ බව දන්වා සිටි පොලිසිය, සිද්ධිය පිළිබඳව දරුවාගෙන් වීඩියෝ සාක්ෂියක් ලබාගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නියම කළේය.

 

More News..