brand logo
logo
පළාත් දෙකකට මි.මී. 75කට පස්වරුවේ තදවැසි

පළාත් දෙකකට මි.මී. 75කට පස්වරුවේ තදවැසි

03 December 2025

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.


එමෙන්ම උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ උ$ව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි වේ.


ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



 

More News..