brand logo
පාසි අස්සෙන් එළියට ආ වරෙන්තුකරු

පාසි අස්සෙන් එළියට ආ වරෙන්තුකරු

2 months ago | ඔෂාන් - අනුරාධපුර

Share on

වරෙන්තුවකට සොයමින් සිටි බව දැන ගත් තරුණයෙක් මිහින්තලය පොලිසියේ සිට දිවගොස් ඉන් බේරීමට මිහින්තලේ පොලිසිය ඉදිරිපිට ඇති මිහින්තලේ වැවට පැන ඇත.


අද (18) නඩු කටයුත්තක අංකයක් දැනගැනීම සඳහා මිහින්තලේ පොලිස් ස්ථානය වෙත පැමිණි මෙම තරුණයා වරෙන්තුවකට පොලිසිය මඟින් සොයන බව ආරංචි වී පොලිසියෙන් හදිසියේ දිව ගොස් ඇත.


පසුව වහාව ක්‍රියාත්මක වූ පොලිසිය ඔහු පසු පස හඹා යාමේ දී සැකකරු මිහින්තලේ පොලිසිය ඉදිරිපිට ඇති වැවට පැන ඇත.


එම වැවට පැන ගත් බව දැනගත් මිහින්තලේ පොලිසිය පැය ගණනාවකින් අනතුරුව මහත් පරිශ්‍රමයක් සිදු කර වැවේ පාසි තුළ සැඟව සිටි එම සැකකරු අල්ලා අත්අඩංගුවට ගෙන තිබේ.



You may also like