brand logo
logo
හොරාට ගේන මස් යළි ගෙනා රටටම

හොරාට ගේන මස් යළි ගෙනා රටටම

06 July 2025 | සාලිය කුමාර ගුණසේකර

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ව නිෂ්කාශන බලපත්‍රයක් ලබා නොගෙන ආනයනය කරන මස් මාංශ යළි අදාළ රටට ප්‍රතිඅපනයනය කිරීමට හෝ ඒවා විනාශ කිරීම සඳහා පියවර ගැනීමට සූකර කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා පිහිටුවා තිබෙන කාර්ය සාධන බලකාය තීරණය කර ඇත.


අප්‍රිකානු සූකර උණ ඇතුළු විවිධ රෝග කාරක රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව අනාවරණය වේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) කියා සිටියේ පූර්ව නිෂ්කාශන බලපත්‍රයකින් තොරව ආනයනය කරන මස් මාංශ සත්ත්ව රෝග පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ප්‍රතිඅපනයනය හෝ විනාශ කිරීමට කටයුතු කරන බවය.


ඊට අදාළව ඉදිරියේදී මාර්ගෝපදේශන සකස් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඇය කියා සිටියාය. අප්‍රිකානු සූකර උණ රෝගය ආසාදිත සූකර ගොවිපොළ 2,500 ක් රටේ පළාත් නමයෙන්ම වාර්තා වූ බවත්, ඉන් 251 ක් නැවත ආරම්භ කර තිබෙන බවද අතිරේක ලේකම්වරිය පැවැසුවාය.

 

More News..