පොඩි මැණිකේ හාලිඇලදී පීලිපනී
11 September 2025
පොඩි මැණිකේ හාලිඇලදී පීලිපනී
11 September 2025
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය අද (11) බදුල්ල හාලිඇල දුම්රිය ස්ථාන අතර 178 සැතපුම් කණුව අසල දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි.
බදුල්ල සිට පෙරවරු 8.50ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රියේ භෝජන රථය මෙසේ පිලීපැනීමට ලක්ව තිබේ.
මේ නිසාවෙන් බදුල්ල සිට පෙරවරු 10.20ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව ඇති විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , බදුල්ල සිට පෙරවරු 11.45 ට මහනුවර බලා ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇති භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (11) දිනයේ ප්‍රමාද වී ධාවනය වීමට නියමිතව ඇති බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රියේ භෝජන රථ මැදිරිය පිළීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කංඩායමක් පිටව ගොස් ඇති බවද දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය.

